ඇමරිකන් ඩොලර් මිලියන 49ට ආසන්න මුදලක ව්‍යාපෘතියක් මගින් ලෝක උරුම නකල්ස් වැසි වනාන්තර ජාලයේ අවදානමට ලක්විය හැකි ගංගා ද්‍රෝණි සහ පහළ නිම්න සංරක්ෂණය කිරීමට පියවර ගෙන ඇත.
එම ව්‍යාපෘති අධ්යක්ෂ, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අතිරේක ලේකම් චන්ද්‍රිකා වී. ඇතුගල මහත්මිය පැවැසුවේ 2029 දක්වා ක්‍රියාත්මක කෙරෙන දුම්බර හරිත සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය මධ්‍යම, උතුරුමැද සහ වයඹ පළාත්වල දිස්ත්‍රික්ක 06ක් ආවරණය කෙරෙන ලෙස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන බවයි.
ව්‍යාපෘතිය යටතේ කාර්යක්ෂම ජල කළමනාකරණය, ග්‍රාමීය වැව් 150 ක් ප්‍රතිසංකරණය සහ භූගත ජල මට්ටම ඉහළ නැංවීම, දේශගුණ වෙනස්වීම් සහ විපර්යාසවලට ප්‍රතිචාර ලෙස හෙක්ටයාර් 411564 වනාන්තර ආරක්ෂා කිරීම, වැඩි දියුණු කිරීම, හෙක්ටයාර් 130943 ක් සඳහා වාරි ජල පහසුකම් වැඩි දියුණු කිරීම ආදියට පියවර ගෙන ඇත.
පාංශු ඛාදනය සියයට 50 අඩු කර මොරගහකන්ද, කළුගඟ ඇතුළු මහ වාරි පද්ධතිවල තැන්පත් වන රොන් මඩ ප්‍රමාණය අවම කිරීම ව්‍යාපෘතිය මගින් සිදු කෙරේ. හෙක්ටයාර් 15000 සංරක්ෂිත වනාන්තරවල තත්ත්වය වැඩි දියුණු කිරීම, ස්වාභාවික වර්ෂාව ඇති කිරීමට ප්‍රබල සාධකයක් වන වලාකුළු ග්‍රහණය කර ගැනීම ව්‍යාපෘතිය මගින් වැඩිදියුණු කිරීමට පියවර ගෙන ඇත.
වනාන්තර සහ වනජීවි කලාප ලෙස හෙක්ටයාර් 58000 සංරක්ෂණය කිරීම මධ්‍යම- වයඹ සහ උතුරුමැද ආවරණය කෙරෙන ලෙස ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත. ව්‍යාපෘතිය යටතේ පවුල් ලක්ෂ 20ට පමණ ප්රතිලාභ ලැබෙන බව අතිරේක ලේකම් චන්ද්‍රිකා වී. ඇතුගල මහත්මිය පැවැසුවාය.
හරිත දේශගුණ අරමුදල ඩොලර් මිලියන 39.77ක් සහ ශ්‍රී ලංකා රජය ඩොලර් මිලියන 9.2ක් දුම්බර හරිත සවිබල ගැන්වීමේ ව්‍යාපෘතියට සපයයි. හරිත දේශගුණ අරමුදල, සොබාදහම් සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමය, කෘෂි වන විද්‍යාව පිළිබඳ පර්යේෂණ සඳහා වූ ජාත්‍යන්තර මධ්‍යස්ථානය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මූලිකත්වය දක්වයි.