ආණ්ඩුව ධීවර ජනතාව වෙත ලබා දීමට යෝජනා කළ ඉන්ධන සහනාධාරය ක්‍රියාත්මක කිරීමට ඉදිරි දින කීපය තුළදී හැකිවනු ඇතැයි ධීවර හා ජලජ සම්පත්, කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග හා පශු සම්පත් අමාත්‍යාංශයේ ලේකම් නිශාන්ත වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.
මේ සඳහා අවශ්‍ය රුපියල් බිලියන 05ක මුදල අමාත්‍යාංශය මගින් ලබා දීමට නියමිතය.
ධීවර කාර්මිකයන් වෙත ඩීසල් ලීටරයකට රුපියල් 25 බැගින් සහ භූමිතෙල් ලීටරයකට රුපියල් 25 බැගින් ඉන්ධන සහනාධාරයක් ලබාදීමට තීරණය කර ඇත්තේ මහමැතිවරණය ප්‍රකාශයට පත්කිරීමට ප්‍රථම නිසා බැවින් මෙම සහනාධාරය ක්‍රියාත්මක කිරීමට ගැටලුවක් නැතැයි ද ලේකම්වරයා කියයි. කෙසේ වෙතත් මැතිවරණ කොමිසමේ නියාමනයන්ට අනුකූලව මෙම ඉන්ධන සහනාධාරය කඩිනමින්ම ධීවර ජනතාව වෙත ලබාදීමට මේ වන විට කටයුතු යොදා ඇති බව ද ඒ මහතා සඳහන් කරයි.
ඒ අනුව භූමිතෙල් භාවිත කරන ධීවර යාත්‍රා සඳහා දිනකට ලීටර 15ක් (මාසයකට දින 25ක උපරිමයකට යටත්ව) රුපියල් 25ක සහන මිලක් යටතේ ලබා දෙන අතර බහුදින ධීවර යාත්‍රා හිමියන් සඳහා ඩීසල් ලීටරයකට රුපියල් රුපියල් 25ක සහනය ධීවර යාත්‍රා වර්ගය, මෙහෙයුම් වර්ගය, මෙහෙයුම් ප්‍රදේශ, මෙහෙයුම් කරන දින ගණන ආදිය පදනම් කරගෙන ලබා දීමට නියමිතය