හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව එල්ල වී ඇති විෂමාචාර චෝදනා සහ ධුරයේ බලතල අනිසි ලෙස භාවිතා කිරීම් සම්බන්ධයෙන් පත්කළ විමර්ශන කමිටුවේ වාර්තාව ලබන සතියේදී කථානායකවරයා වෙත භාර දීමට නියමිත බව වාර්තා වේ.
අදාළ නිර්දේශ ඇතුළත් වාර්තාව සකස් කිරීමේ කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතින බව කමිටුව සඳහන් කළේය. දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් සාක්ෂි විමසීමේ කටයුතු පසුගියදා අවසන් කෙරිණි.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතා මෙම කමිටුවේ සභාපති ධුරය දරන අතර, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාමික විනිසුරු නීල් ඉද්දවල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ඊ.ඩබ්ලිව්.එම්. ලලිත් ඒකනායක යන මහත්වරු එහි සෙසු සාමාජිකයෝ වෙති.
මෙම වාර්තාවේ නිර්දේශ අනුව ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අවධානය යොමු වනු ඇත.