දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව ගෙන එන ඕනෑම යෝජනාවකට සිය පක්ෂය සහාය ලබා දෙන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂකයන් වෙනුවෙන් පැවැති වැඩමුළුවකදී අදහස් දක්වමින් විපක්ෂනායකවරයා දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති කරනු ලැබුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් බවයි.
එහිදි සිය පක්ෂය ඊට විරුද්ධ වූ බවත් පැවසූ විපක්ෂ නායකවරයා දේශබන්දු තෙන්නකෝන් ඒ සඳහා පත් කිරීමට හිටපු ජනාධිපතිවරයා මෙන්ම කථානායකවරයාද වගකිව යුතු බවද මෙහිදී පැවසීය.