වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධූරයෙන් ඉවත් කිරීමට අදාළ කරුණු සොයා බැලීම සඳහා පාර්ලිමේන්තුව මඟින් පත්කළ ත්‍රිපුද්ගල විමර්ශන කමිටුවේ සහය සඳහා පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු අනුයුක්ත කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරීවරයෙකු ඇතුළු නිලධාරීන් සිව්දෙනෙකු වැඩබලන පොලිස්පතිවරයා විසින් මෙලෙස එම කමිටුවේ සහය සඳහා අනුයුක්ත කර ඇත.