වැඩ තහනමට ලක්වී සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා විමර්ශනය කරන ත්‍රිපුද්ගල කමිටුව අද (28) පස්වරු 2ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී යළි රැස්වීමට නියමිතව තිබේ.
ඒ අනුව මෙම කමිටුව හමුවේ පෙනීසිටින ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතාට මේ වනවිට දැනුම්දී ඇති අතර මීට පෙරද ඔහු එම කමිටුව හමුවේ පෙනී සිටියේය.