ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරගත යුතු බව පැවසූ ඇතැම් මන්ත්‍රීවරුන් අද සමගි ජනබලවේගයට හේත්තු වී ඇති බව හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල යන මහත්වරුන් මෑතක් වනතුරුම ශ්‍රීලනිපය කිසිවෙකුටවත් පාවානොදෙන බවට පැවසූ බවයි විජයදාස මහතා කියා සිටියේ.
වෙන්නප්පුව ප්‍රදේශයේ දී ජනතාව අමතමින් හිටපු අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
ඇතැමුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගණිකාවක් කර විකුණන්න සූදානම් වූ බවත් ශ්‍රීලනිපය යනු ගණිකාවක් නොවන බවත් ඔහු එහිදී අවධාරණය කර සිටියා.
අද වනවිට එම දේශපාලන ගණිකා වෘත්තීයේ යෙදෙන පාර්ශ්වයන් රනිල් පිළට සහ සජිත් පිළට එකතු වී ඇති බව ද විජයදාස රාජපක්ෂ මහතා එහිදි වැඩිදුරටත් ප්‍රකාශ කළා.