2025 අගෝස්තු 15 සිකුරාදා, 15:45
නවතම පුවත්

දේශපාලන කුහකත්වය ගැන දිලිත්ගෙන් දේශපාලඥයින්ට පාඩමක්

අවලාද නගමින්, කුහකත්වය, ඊර්ෂ්‍යාව පදනම් කරගෙන තවත් පුද්ගලයෙකුට අපහාස කරමින් දේශපාලනය කිරීම තුළින් රටක් ඉදිරියට ගෙන යා නොහැකි බව සර්වජන බල පක්ෂයේ ජා-ඇල ආසනයේ අපේක්ෂක හමුවක් අද (19) මා බෝල ප්‍රදේශයේදී, සර්ව ජනබලයේ නායක ව්‍යවසායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පැවසුවේ ලොව පුරාම දියුණු වූ රටවල් භාවිතා කළ ව්‍යවසායකත්ව මනස ඇතුව කටයුතු කිරීමේ සංකල්ප අනුව කටයුතු කළහොත් මෙරට ගොඩනැගිය හැකි බවය.

“අපි රටක් ජාතියක් හැටියට හඬ ගා කියන්නට ඕනේ අපි ඉන්නේ එකට. අපිට විවිධ ආගම් විවිධ වර්ග කුළ මොනවා තිබුණත් අපි ඉන්නේ එකට.”

“අපි සර්වජන බලය හැටියට ගමට ව්‍යවසායකත්ව මනස ගෙන ගොස් ඒ සඳහා අපි භාවිතා කරන සර්වජන සභා කියන සංකල්පය තුළින් ගමේ දැනෙන වෙනසක් කරන්න කටයුතු කරනවා. ඒ කටයුතුත්ත කරන්නට තමා ඒ ඉතාම හොඳ අවස්තාව ලබාගෙන තිබෙන්නේ. වෙනදාට පළාත් සභාවකින් සිද්ධ වුණේ සාම්ප්‍රධායික වැඩ. ඒ ගමේ යටිතල පහසුකම් ඒ නගරයේ යටිතල පහසුකම් මේවා බලන්නට සමහර වෙලාවට ඒවාට අවශ්‍ය සහයෝගිත්වය තමයි බලාපොරොත්තු වුණේ. හැබැයි අපි එයින් ඔබ්බට ගිහිල්ලා අපිට ඕන ගම නිර්මාණය කරන්නට ගම තුළින්ම නැගෙන ව්‍යවසායකත්වය තුළින්.”

“මට විශ්වාසයෙන් යුක්තව කියන්නට පුළුවන් මෙම පාළාත් පාලන මැතිවරණයෙන් පසුව අපි ආරම්භ කිරීමට නියමිත සර්වජන සභා තුලින් ඔබේ ගමේ ඔබට දැනෙන වෙනසක් ඔබ නියෝජනය කරන ඔබගේ කොට්ඨාසයේ ඒ මිනිස්සුන්ට දැනෙන වෙනසක් අපිට නිර්මාණය කරන්නට පුළුවන්. ඔවුන් ඔබට ගරු කරන වෙනසක් අපිට කරන්නට පුළුවන්. අපි ආදර්ශමත්ව එය කළ යුතුයි. එතකොට තමයි මේ රට ගොඩ යන්නට පුළුවන්. වෙන ක්‍රමයන් නෑ මේ රට ගොඩ යන්න.”

“අවලාද නගමින් ඒ කුහකත්වය ඊර්ෂ්‍යාව පදනම් කරගෙන තවත් අයට මඩ ගසමින් දේශපාලනය කිරීම තුළින් රටක් ඉදිරියට යන්නේ නෑ. රටක් ඉදිරියට යන්න නම් අපේ මේ සංකල්පය ලොව පුරාම දියුණු වූ රටවල් භාවිතා කරපු ඒ ව්‍යවසායත්ව මනස ඇතුව කටයුුතු කිරීම කියන එකත් සඳහන් කරන්න ඕනේ.”

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories