ශ්‍රී ලංකා ප්‍රාජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි විධායක ජනාධිපති පත් කර ගැනීමේ ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කොට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මේවනවිට රටේ විධායක ජනපතිවරයා ලෙසින් පත්ව ඇත.
මේවනවිට එක් පක්ෂයක නායකයා නොව ඔහු මෙරට සියලුම ප්‍රජාවගේ ජීවිතවලට බලපාන තීන්දු තීරණ ගන්නා රටේ නායකයාය.
විරුද්ධ මතධාරීන් මොනයම් ප්‍රකාශ කළ ද රටේ ව්‍යවස්ථාවෙන් පත් වුනු අනුර කුමාර දිසානායක මහතාට සියල්ලන් එක්වී වර්ගවාදය ආගම්වාදය ජාතිවාදය සහසියලු සාත්මක මත පසෙකලා රටේ නායකයාට රට ඉහළට ගෙන යෑමට සියලුම ජනකොටස් එක්ව සහයෝගය ලබා දියයුතුව ඇත.
නොඑසේනම් ආසියාතික රටවලට මේවෙද්දී උදාවී ඇති ආකාරයට අප රටද තවත් පහළට යනු ඇත.ඒ නිසා සියල්ලන් එක්ව රටේ අභිද්ධිය වෙනුවෙන් වැඩ කළ යුතුව ඇත.
මේ ලිපිය විශේෂයෙන්ම මැතිවරණය අළලා සිදු කරන විමර්ෂනයක් පමණකි.
ජාතික ජන බලවේගය නියෝජනය කරමින් තරඟ වැදුනු අභිනව ජනපති අනුර කුමාර දිසානායක මහතා තම ජයග්‍රහණය උදෙසා ලබා ගත් මුළු ඡන්ද ප්‍රමාණය පනස් හය ලක්ෂ තිස් හතර දහස් නවසීය පහළොවකි.(42.31%)ඔහු හා තරඟ කළ තරඟ වැදී දෙවැනි තැනට පත් වුනු සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ලබාගෙන ඇත්තේ හතළිස්තුන් ලක්ෂ හැට තුන් දාස් තිස්පහක (32.76%) ඡන්ද ප්‍රමාණයක් වන අතර ගෑස් සිලිඩරේ ස්වාදීන අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වුනු රනිල් වික්‍රමසිංහ මහතා ලබාගෙන ඇත්තේ ඡන්ද ප්‍රමාණය විසිදෙලක්ෂ වූනව දාස් හත්සීය හැට හතකි.(17.27%) එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් තරඟ කළ නාමල් රාජපක්ෂ මහතා ලැබූ ඡන්ද ප්‍රමාණය තුන්ලක්ෂ හතළිස් දෙදාස් හත්සීය අසූ එකක් (2.57%) පමණි.
2019 ජනපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 5,564,000 (41.99%) ලබා ගත්තද මෙවර ඔහුගේ ඡන්ද සංඛ්‍යාව 4,241,434 දක්වා පහත වැටී ඇති අතර එය ආසන්න වශයෙන් ඡන්ද මිලියන 1.3 ක අඩුවීමකි.
සජිත් ප්‍රේමදාස මහතා දෙවැනි මනාපයෙන් ජයග්‍රහණය කිරීමටනම් අපේක්ෂකයින් වූ රනිල්, නාමල්, අරියනේත්‍රම්, දිලිත්, මහත්වරුන් ලබා ගත් ඡන්ද ලක්ෂ 27 න් අනුර කුමාර මහතාට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගත යුතුව තිබුණි.
SJB (සමගි ජන බලවේගය) ආරම්භයේ සිටම සමාජ මාධ්‍ය හරහා විවෘතව ප්‍රකාශ කළේ තමන් දෙවන මනාප නොඉල්ලන බවයි. එම තීරණය, ජනාධිපතිවරණ සමයේ ගත් වඩාත්ම මෝඩ, නොමග ගිය, විනාශකාරී තීරණවලින් එකක් බවට සැකයක් නැති බව දේශපාලන ගැන මත දරන්නන් තම මතය විදියට ප්‍රකාශ කොට ඇත.
පාක්ෂිකයින් සහ මන්ත්‍රීවරුන් රැස්වීම්වලදී දෙවන මනාප ලබා ගැනීමට යෝජනා කළ ද, එම අදහස ප්‍රවර්ධනය කිරීම නවත්වන ලෙස ඔවුන්ට උපදෙස් දී ඇති අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට මෙම මැතිවරණය පහසුවෙන් ජයග්‍රහණය කළ හැකිව තිබූ නමුත් ඔවුන් රනිල් වික්‍රමසිංහ මහතාගේ දෙවැනි මනාප ඡන්ද සම්පූර්ණයෙන්ම අත් හැරි ඇතර ඒ අදූරදර්ශී ව්‍යසනකාරී තීරණය නිසා ජයග්‍රහණය හිමිවීමට තිබූ කුඩා නමුත් වැදගත් බලාපොරොත්තුව ගිලිහී ගිය බව නොරහසකි.
සංඛ්‍යාලේඛන පිළිබඳ උපාධිධාරියෙකු මෙන්ම දේශපාලනයේදී උගත්භාවය හේතුවෙන් අනුර කුමාර දිසානායක මහතා තමන්ට දෙවැනි මනාප නොලැබෙන බව හොඳින්ම දන්නා නිසා තනිකරම පළමු මනාප ඡන්ද ප්‍රචාරණයේ යෙදුනේ තමන්ට කිසි විටෙමදී දෙවැනි මනාපය නොලැබෙන බව දැනගෙනය.
ඊට අමතරව අනුර කුමාර දිසානායක මහතාගේ කණ්ඩායම සමාජ මාධ්‍යවල ක්‍රියාකාරීව සිටියද , ඔවුන් දෙවන මනාප ඡන්ද ප්‍රවර්ධනය කිරීමෙන් වැළකී සිටියේය.
SJB කිසිදු තාර්කික පදනමකින් තොරව, “අපට දෙවන මනාප ඡන්ද අවශ්‍ය නැත. ඒ සජිත් හෝ කිසිවක් නොවේ” යනුවෙන් අන්ධ ලෙස ප්‍රකාශ කළේ, දෙවන හෝ තෙවන මනාප ලබා ගැනීමේ කිසිදු වාසියක් ඵලදායී ලෙස ඉවත් කරමිනි.SJB තමන්ගේම අතින් දෙවන මනාප ඡන්ද ප්‍රතික්ෂේප කර එම ඡන්ද ප්‍රචාරණය විනාශ කර ගත් බවක් දේශපාලන මතධාරීන්ගේ අදහසයි.
අවසාන වශයෙන් සඳහන් කළ යුතුව ඇත්තේ “දේශපාලනය කලාවකි., මැතිවරණ යනු විද්‍යාවකි., ඒ විද්‍යාව තේරුම් ගැනීමට හැකියාවක් නැත්තෙකුට කිසිදා මැතිවරණයක් ජයග්‍රහණයක් කළ නොහැකිය.
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ නව වැනි ජනාධිපති, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා බුද්ධිමත්, උපායශීලීභාවය හේවෙතු නියම ජයග්‍රාහකයා වූ අතර රට පත්ව ඇති ව්‍යවසන තත්වයෙන්ද ඉහළට ගෙන රටේත් පුරවැසියන්ගේත් සුභ සිද්ධිය වෙනුවෙන් කටයුතු කිරීමට රටේ සියලුම ජනතාව වෙනුවෙන් සුභාශිංෂනය ද මෙසේ පළ කරන්නෙමු.