දේශබන්දු තෙන්නකෝන් සම්බධයෙන් විමර්ශනයට පත්කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේනගේ සභාපතිත්වයෙන් යුත් විමර්ශන කමිටුව අද (03) පස්වරු 2.00ට රැස්වීමට නියමිතයි. ඒ වැඩ තහනමකට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයේ විෂමාචාර සහ බලතල අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශන කටයුතුවලට වේ.
ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් අද (03) යළිත් මෙම කමිටුව ඉදිරියේ පෙනී සිටීමට නියමිතව තිබේ.
දේශබන්දු තෙන්නකෝන්ට එරෙහි චෝදනාවලට අදාළ ව නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන සාක්ෂි සම්බන්ධයෙන් දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම අද (03) සිදු කිරීමට නියමිත බවයි සඳහන් වේ.
නීතීපති දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන සාක්ෂිවලට අදාළ දිවුරුම් ප්‍රකාශ සම්බන්ධයෙන් වග උත්තරකාර පොලිස්පතිවරයාගේ පාර්ශ්වයේ ස්ථාවරය ලබන 09 වැනිදා ඉදිරිපත් කිරිමට නියමිත අතර, ඉන් අනතුරුව වාචික සාක්ෂි කැඳවීම සහ හරස් ප්‍රශ්ණ ඇසීම ලබන 11 වැනිදා සිදු කිරිමට නියමිත අතර, ලබන 16 වැනිදා සිට දිනපතා පෙරවරු 9.30 සිට පරික්ෂණ කමිටුව රැස්වීමට නියමිතව පවතී.