දෙවැනි මගී පර්යන්තය ඉදිකිරීම සඳහා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ටෙන්ඩර් කැඳවා තිබෙනවා.
ඒ අනුව ප්‍රවාහන හා මහාමාර්ග, වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර මහතා සඳහන් කළේ ජපන් ණය ආධාර මත එම පර්යන්තය ඉදි කෙරෙන බවයි.
ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ නව මගී පර්යන්තයෙන් වාර්ෂිකව මිලියන 9 කට පහසුකම් සැලසිය හැකි බවයි .