යාපනයේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරත වෙමින් සිටි පිරිසකට එල්ලවූ මැර ප්‍රහාරයක් හේතුවෙන් කාන්තාවක් ඇතුලු තිදෙනෙකු තුවාල ලබා පෙරේදා (26 දා) යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට තිබේ.
යාපනයේ කෝපායි කරන්දන් ප්‍රදේශයේදී මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ නිවෙස්වලට පයින් යමින් සිටි දෙමළ ජාතික සන්ධනයේ හක්ගෙඩිය ලකුණින් තරග වදින අපේක්ෂකයන්ට ආධාර ඉල්ලා ගිය පිරිසකටය.
ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් එක්වරම මේ පිරිසට පහර එල්ලකොට පලාගිය බව මේ සම්බන්ධයෙන් යාපනය මහ නගර සභාවේ හිටපු නගරාධිපති වී. මනිවන්නන් මහතා කෝපායි පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් කොට තිබේ.
ත්‍රිරෝද රථයෙන් පැමිණ පහර එල්ලකළ සිවුදෙනා එම ස්ථානයෙන් පිටත්ව ගිය පසුව එතැනට යළි පැමිණි විස්සක් පමණ දෙනා යළිත් මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරතව සිටි පිරිසට පහර දී තිබේ.
මෙම ප්‍රහාරයත් ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ ආධාර කරුවන් විසින් කළ පහර දීමක් බවට සැකකරන බව හක්ගෙඩිය ලකුණින් තරග කරන පිරිස පොලීසියට ප්‍රකාශ කොට තිබේ.
ඊට ප්‍රධානතම හේතුව වී ඇත්තේ ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ හිටපු මන්ත්‍රීවරු පිරිසක් පසුගිය රජයෙන් මත්පැන් අලෙවි හල් සදහා බලපත්‍ර ලබා ගෙන තිබීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය විසින් නඟන හඬ නිසා බවද පොලිසියට ප්‍රකාශ කොට තිබේ.
කෝපායි පොලිසිය පහරදීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.