2026 මාර්තු 18 බදාදා, 18:32
නවතම පුවත්

දෘශ්‍යාබාධිත මන්ත්‍රීවරයා හට පාර්ලිමේන්තුව තුළ විශේෂ වැඩපිළිවෙලක්

2024 මහමැතිවරණයෙන් ජාතික ජනබලවේගයේ ජාතික ලැයිස්තුවෙන් නම් කළ සමාජ සේවා නිලධාරී (විශ්‍රාමික), ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත උපාධිධාරී මණ්ඩලයේ සභාපති,සුගත් වසන්ත ද සිල්වා පත් කර ඇත.

මීට පෙර දෘශ්‍යාබාධිත මන්ත්‍රීවරයෙකු මෙරට පාර්ලිමේන්තුවේ නොසිටි හෙයින් ජනතාව අතර මේ මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් දැඩි කතාබහට ලක්වීම පුදුමයක් නොවේ.

කෙසේ වෙතත් හිරු බලය වැඩසටහන මඟින් එළැඹෙන 21 වනදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්විණ.

මෙම සාකච්ඡාවේදී දෘශ්‍යාබාධිත මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා හට ලබා දෙන පහසුකම් සම්බන්ධයෙන් විශේෂ කරුණු දැක්වීමක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහලේකම් – කුෂානි රෝහණදීර, නියෝජ්‍ය මහ ලේකම් – චමින්ද කුලරත්න, වේත්‍රධාරී – කුෂාන් ජයරත්න, ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ – ජයලත් පෙරේරා සිදු කළේය.

එම සාකච්ඡාවේදී මහලේකම් කුෂානි රෝහණදීර කියා සිටියේ මෙම දෘශ්‍යාබාධිත මන්ත්‍රීවරයා හට පාර්ලිමේන්තුව තුළ විශේෂ වැඩපිළිවෙලක් සංවිධානය කර තිබෙන බවයි.

නව මන්ත්‍රීවරයාට ආසන පැනවීමේ සිට සභා ගර්භයට පිවිසෙන අවස්ථාව මෙන්ම ඡන්දය භාවිතා කිරීමට අදාළ සියළු දේ සංවිධානය කර ඇති බව මහලේකම්වරිය මෙහිදී කියා සිටියා.

නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න දෘශ්‍යාබාධිත මන්ත්‍රීවරයෙක් මෙරට පාර්ලිමේන්තු නියෝජනය කරන පලමු අවස්ථාව මෙය බවයි. එමෙන්ම මෙරට පාර්ලිමේන්තුව තුළ සමගාමි භාෂා ස්ථාපිත කර ඇති බව ද නියෝජ්‍ය මහලේකම්වරයා මෙහිදී කියා සිටියා. ඒ අනුව ඉංග්‍රිසි, සිංහල සහ දෙමළ භාෂාවෙන් මෙහිදී කටයුතු සිදු කරන බව ද මහලේකම්වරයා අවධාරණය කර සිටියා.

පාර්ලිමේන්තුව තුළ දෘශ්‍යාබාධිත මන්ත්‍රීවරුන්ට භාවිතා කළ හැකි බේල් ක්‍රමය ආරම්භ කළ යුතු බව නියෝජ්‍ය මහලේකම්වරයා පැවසිය.

එමෙන්ම දෘශ්‍යාබාධිත පුද්ගලයින්ගේ සනිපාරක්ෂාව වෙනුවෙන් ද මේ වන විට සියළු පහසුකම් සලසා ඇති බව නියෝජ්‍ය මහලේකම්වරයා පවසා සිටියා.

නව දෘශ්‍යාබාධිත මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තුව තුළ ඡන්දය භාවිතා කිරීමේදී කටහඩ භාවිතා කර සිය ඡන්දය භාවිතා කළ හැකි බව නියෝජ්‍ය මහලේකම්වරයා මෙහිදී අවධාරණය කර සිටියා.

තව ද දෘශ්‍යාබාධිත මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තුව තුළදී ප්‍රශ්ණයක් ඇසිමේදී සිදු කරන සංඥාව වෙනුවෙන් සභාගර්භයේ සිටින පාර්ලිමේන්තු සේවා සහායකයන්ට සහාය දැක්වීමට හැකි බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහලේකම් – කුෂානි රෝහණදීර පවසා සිටියා.

මෙහිදී අදහස් පල කරමින් වේත්‍රධාරි කුෂාන් ජයරත්න කියා සිටියේ නව දෘශ්‍යාබාධිත මන්ත්‍රීවරයාට ආසන පැනවීමේදී මෙම මන්ත්‍රීවරයාගේ අවශ්‍යතාවය අනුව තමන්ගේ ආසනය වෙත පහසුවෙන් යාමට අවස්ථාව සලසා දිය යුතු අතර එහිදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සිටින ස්ථානයේ සිට සභාගර්භයට පිවිසෙන ළඟම ආසනය වෙන් කිරීමට මේ වන විට කටයුතු කර ඇති බවයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories