විපක්ෂය ගේමක් ගසා බලය පිහිටවුන පළාත් පාලන ආයතන වලට රජයෙන් මුදල් ලබා නොදෙන බවත්, එම පලාත් පාලන ආයතනවල සේවය කරන අයගේ වැටුප් ආදිය ගෙවීමට හැර වෙනත් කිසිදු කටයුත්තක් සඳහා මුදල් ගෙවීමට ආණ්ඩුව සූදානම් නැති බවත් කී ඔහු වංචා දූෂණ කරන්නන් පිරිසක් විසින් පාලනය කරන සභාවකට මුදල් යෙදවීමට ආණ්ඩුවට පිස්සු නැති බවත් අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කළේය.
පොඩි පොඩි කණ්ඩායම් එකතු වී බලය පිහිටුවීම ප්‍රජාතන්ත්‍රවාදයට හානියක් බව ඔහු කියා සිටියේය. එසේම ඒ සඳහා ජනතාව වරමක් දී නැති බවද ඔහු පැවසුවේය.
මෙවර කොළඹ නගර සභාවේ නගරාධිපතිනි වන්නේ ව්‍රායි බල්තසාර් බල්තසාර් බල්තසාර් මහත්මිය බවත් එය ලියා තබාගන්නා ලෙසත් ඔහු අභියෝග කළේය.