වැලිකඩ බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලැබූ හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක බන්ධනාගාර වෛද්‍යවරුන් ලබා දුන් නිර්දේශ මත, යළි මැගසින් බන්ධනාගාරය වෙත මාරු කර තිබේ.
වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත්තේ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය මේ වනවිට යහපත් බැවින් තවදුරටත් හිටපු අමාත්‍යවරයා බන්ධනාගාර රෝහලේ තබාගෙන ප්‍රතිකාර කිරීමට අවශ්‍ය නොමැති බවයි.