ලබන මාර්තු මස 10 වැනිදා සිට දුම්රිය 6ක තුන්වන පන්තියේ ආසන වෙන්කිරීමේ පහසුකම් ඉවත් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
ඒ අනුව කොටුව දුම්රිය ස්ථානයෙන් පෙරවරු 5.55 ට බදුල්ල බලා ධාවනය කෙරෙන පොඩි මැණිකේ දුම්රිය, පෙරවරු 8.30 බදුල්ල බලා යන උඩරට මැණිකේ දුම්රිය, පස්වරු 3.45 ට තලෙයිමන්නාරම දක්වා ධාවනය කෙරෙන දුම්රිය, බදුල්ල සිට කොටුව හා තලෙයිමන්නාරම සිට කොටුව දක්වා ධාවනය කෙරෙන එම දුම්රියවලද තුන්වන පන්තියේ ආසන වෙන්කිරීමේ පහසුකම ඉවත් කර ඇත.
දුම්රිය වාණිජ අධිකාරී ජී.ඩි . ඒ.සමරසිංහ පැවසුවේ, තුන්වන පන්තියේ ආසන වෙන්කිරීමේ පහසුකම ඉවත් කිරීමෙන් පසු එම මැදිරි තුන්වන පන්තියේ සාමාන්‍ය මැදිරි ලෙස ධාවනය කෙරෙන අතර සාමාන්‍ය ප්‍රවේශ පත්‍ර නිකුත් කරන බවයි.