අද (ජූලි 29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දුම්රිය වෘත්තීය සමිති වැඩ වර්ජනය අත්හිටුවා තිබේ.
ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා සමඟ පැවති සාකච්ඡාවලින් පසුව මෙම තීරණයට එළඹුණු බව දුම්රිය වෘත්තීය සමිති නිලධාරීන් සඳහන් කරයි.
දුම්රිය රියදුරන් මුහුණ දෙන පරිපාලන, යටිතල පහසුකම් ඇතුළු ගැටලුවලට මෙතෙක් සාධනීය විසඳුමක් නොලැබීම හේතුවෙන් අද (ජූලි 29) මධ්‍යම රාත්‍රියේ සිට ජූලි 31 වනදා මධ්‍යම රාත්‍රිය දක්වා පැය 48ක සංකේතාත්මක වර්ජනයක් සිදුකරන බවට දුම්රිය වෘත්තීය සමිති මීට පෙර නිවේදනය කර තිබිණි.