2025 ජූනි 21 සෙනසුරාදා, 20:22
නවතම පුවත්

දුම්රිය ප්‍රමාදයට හේතුව හෙළිවේ


දුම්රිය ප්‍රමාදයට හේතුව ආර්ථික අර්බුදයේ බලපෑම සහ දුම්රිය නඩත්තු කිරීමට අවශ්‍ය උපකරණ ආදිය මිලදී ගැනීමට නොහැකි වීම බව නව දුම්රිය සාමාන්‍යාධිකාරී ඉංජිනේරු ධම්මික ජයසුන්දර පැවසීය.

ඊට අවශ්‍ය උපකරණ කඩිනමින් ලබාගෙන අලුත්වැඩියා කටයුතු සිදුකර දුම්රිය වැඩි ප්‍රමාණයක් ධාවනයට එක්කරන බව ද සාමාන්‍යාධිකාරීවරයා කීවේය.

හෙතෙම මේ බව කියා සිටියේ ඊයේ (26 වැනිදා) උදෑසන දුම්රිය මූලස්ථානයේ පිහිටි සිය කාර්යාලයේදී වැඩ බාරගැනීමෙන් අනතුරුවය.

දුම්රිය දෙපාර්තමේන්තුවට පුද්ගලයන් වැදගත් නැති බවත් සේවයෙන් පමණක් ඇගයීම ලැබෙන බවත් කී සාමාන්‍යාධිකාරීවරයා රටේ ජනතාව සතුටු වන කාර්යක්ෂම සේවයක් ලබාදීමේ වගකීම තමා බාරගන්නා බවද සඳහන් කළේය.

‘‘සුනාමියෙන් විනාශ වූ දුම්රිය මාර්ගය නවීකරණය කිරීමට වසර දෙකක කාලයක් සහ රුපියල් බිලියන ගණනක් වැය වන බව ප්‍රකාශ කළත් එම මාර්ගය දින පනස් හතකින් නවීකරණය කිරීමට දුම්රිය සේවකයන්ට හැකි වුණා. වඩාත් දක්ෂ හා කාර්යක්ෂම නිලධාරීන් තවමත් දෙපාර්තමේන්තුවේ සිටිනවා. ඒ වගේම දුම්රිය දෙපාර්තමේන්තුව නොබෝ කලකින් දියුණු කරනවා.

දුම්රිය දෙපාර්තමේන්තුවට බඳවා ගැනීම් හා උසස් වීම් සම්බන්ධ ගැටලු තියෙනවා. ඒ සම්බන්ධයෙන් නිලධාරීන් හා සාකච්ඡා කර විසඳුම් ගෙන එනවා.

ඒ වගේම දුම්රිය ඉඩම්වල පදිංචි වී සිටින අනවසර පදිංචිකරුවන් සම්බන්ධයෙන් දුම්රිය ආඥා පනතට අනුව ඉදිරියේදී කටයුතු කරනවා’’ යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

නවතම පුවත්

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...

උණුසුම් පුවත්

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...

දේශපාලන

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
web 12
හර්ෂණ පාර්ලිමේන්තුවෙන් මුදල් අමාත්‍යාංශයට
හර්ෂණ පාර්ලිමේන්තුවෙන්...

Categories