දුම්රිය ගමන්වාර කිහිපයක් අද (19) දිනයේදීත් අවලංගු කිරීමට සිදුව ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ.
ඒ අනුව කෙටි දුර ධාවන ගමන්වාර 15ක් අද දිනයේදී අවලංගු කර තිබෙනවා.
දුම්රිය රියදුරු දෙවන ශ්‍රේණියේ සිට පළමු ශ්‍රේණියට උසස් කිරීම සඳහා පැවැත්වෙන විභාගය අද දිනයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ හේතුවෙන් පසුගිය දින දෙකේදීද දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුවිය.
මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ දුම්රිය ගමන්වාර අවලංගුවීම අද සවස 3න් පසු යථා තත්ත්වයට පත් කිරීමට හැකි බවයි.