2025 අගෝස්තු 16 සෙනසුරාදා, 16:30
නවතම පුවත්

දුම්රිය අනතුරකින් තිදෙනෙක් අවසන් ගමන් යයි තවත් 49ක් රෝහලේ

ඊජිප්තුවේ කයිරෝ අගනුවරට ඊසාන දෙසින් Zagazig හි ඊයේ (14) සිදු වූ දුම්රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් 49 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අනතුර සම්බන්ධව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ, තුවාල ලැබූ පුද්ගලයින් 44 දෙනෙකුගේ සෞඛ්‍ය තත්ත්වය ස්ථාවරව පවතින බවත් පස් දෙනෙකුගේ තත්ත්වය තරමක් බරපතල වන බවයි.

විදෙස් මාධ්‍ය වාර්තාවන්ට අනුව අනතුර සිදුව ඇත්තේ දුම්රිය දෙකක් එකිනෙක ගැටීම හේතුවෙනි.

නිවේදනයක් නිකුත් කරමින් එරට දුම්රිය අධිකාරිය සඳහන් කර තිබුණේ, එක් දුම්රියක් Zagazig සිට Ismailia දක්වා ගමන් කරමින් තිබූ අතර අනෙක Mansoura නගරයේ සිට Zagazig දක්වා ධාවනය වෙමින් තිබූ බවයි.

ඒ අනුව අනතුරට තුඩු දුන් තාක්ෂණික හේතු සොයා බැලීම සඳහා දුම්රිය විශේෂඥයින්ගේ කමිටුවක් පිහිටුවා ඇති බවයි ඔවුන් සිය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

ඊජිප්තුව සිය පැරණි ප්‍රවාහන ජාලය සංවර්ධනය කිරීමට, දුම්රිය නවීකරණය කිරීමට සහ දුම්රිය මාර්ග සංවර්ධනය කිරීමට වසර ගණනාවක් තිස්සේ කටයුතු කරමින් සිටින රටකි.

නවතම පුවත්

2iw
දේශබන්දුගේ ඇප තීන්දුව ලබන 20
2022 වසරේ අරලියගහ...
1iw
විදුලියේ වැඩකළ ඉංජිනේරුවන්ගෙන් 20% රට හැර ගිහින්!
පසුගිය වසර කිහිපය...
trump web
ඇලෙස්කා සාකච්ජා අවසන් නැවත මොස්කව් වලදී
අමරිකා ජනාධිපති...
web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...

උණුසුම් පුවත්

2iw
දේශබන්දුගේ ඇප තීන්දුව ලබන 20
2022 වසරේ අරලියගහ...
1iw
විදුලියේ වැඩකළ ඉංජිනේරුවන්ගෙන් 20% රට හැර ගිහින්!
පසුගිය වසර කිහිපය...
web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...

දේශපාලන

trump web
ඇලෙස්කා සාකච්ජා අවසන් නැවත මොස්කව් වලදී
අමරිකා ජනාධිපති...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...

Categories