දිළිඳුකම පිටුදැකීම සඳහා චීනය ගත් පියවර පිළිබඳ අධ්‍යයනයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද(17) එරට ප්‍රදේශ කිහිපයක සංචාරයක නිරත වීමට නියමිතයි.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ජනාධිපතිවරයා ඇතුළු පිරිස දිළිඳුකම තුරන් කළ ගම්මානයක හා ඒ සඳහා පිහිටුවා ඇති මධ්‍යස්ථාන කිහිපයක සංචාරය කිරීමට සැලසුම් කර ඇති බවයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ වැඩපිළිවෙලේද ප්‍රමුඛ අරමුණක් වන්නේ ග්‍රාමිය දිළිඳුකම පිටු දැකීම සඳහා වැඩසටහන් සංවිධාන කිරීම වේ.
චීන අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර තිබුණේ, “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් ” ඇති කිරීම සඳහා වත්මන් රජය ගෙනයන වැඩපිළිවෙළට චීනයේ සහාය ලබාදෙන බවයි.