බ.ඉ. කොදෙව් දූපත් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන ප්‍රධානම ක්‍රිකට් ලීගය වන කැරිබියන් ප්‍රිමියර් ලීග් (CPL) තරගාවලියට එක්ව සිටින යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ තුන් ඉරියව්වෙන්ම මේ වනවිට දස්කම් දක්වමින් සිටියි.
බාබෙඩොස් රෝයල්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩාකරන දුනිත්, තරගාවලියේ ඊයේ (6) පැවති තරගයේදීද කැපී පෙනෙන දස්කම් දැක්වීය.
ශා. කිට්ස් කණ්ඩායමට එරෙහිව පැවැති එම තරගයේදී දුනිත් පන්දු යැවීමෙන් ලකුණු 35කට කඩුලු 03ක් දවාගත් අතර, පන්දුවට පහරදීමෙන් පන්දු 32කට ලකුණු 39ක් රැස්කිරීමට සමත් විය.
ඒ හේතුවෙන් තරගයේ වීරයාට හිමි සම්මානයද දුනිත් දිනාගත්තේය.