වෙසක් දිනයට සමගාමීව දිවයින පුරා දන්සැල් 8,742කට අධික සංඛ්‍යාවක් මේ වන විට ලියාපදිංචි කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කර සිටියි
ඉන් වැඩිම සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇත්තේ බස්නාහිර පළාතේ කොළඹ මහනගර සභාව ආශ්‍රිතව බව එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේය.
දන්සැල් ලබාදීමේ දී පොලිතින් හා ප්ලාස්ටික් භාවිතය අවම කිරීමට කටයුතු කරන ලෙස ද උපුල් රෝහණ මහතා දන්සැල් සංවිධායකවරුන්ගෙන් ඉල්ලීමක් ද කළේය