අද (17) උදෑසන ඉන්දියාවේ දිල්ලි නගරයට ආසන්නව භූමිකම්පාවක් සිදුවී ඇති බව විදේශ වාර්තා පවසයි.
භූමිකම්පාව රිච්ටර් මාපකයේ 4.0 ක් විය.
රටේ ජාතික භූ කම්පන විද්‍යා මධ්‍යස්ථානය පැවසුවේ එය මතුපිට සිට කිලෝමීටර 5 ක් පමණ ගැඹුරින් සිදු වූ බවයි.
මෙම භූමිකම්පාව සමඟ කලාපයේ විශාල ශබ්දයක් ඇති වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
මේ සම්බන්ධයෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි දිල්ලි සහ ඒ අවට ප්‍රදේශවල පදිංචිකරුවන්ගෙන් ඉල්ලා සිටියේ සන්සුන්ව සිටින ලෙසත් ප්‍රවේශම් වන ලෙසත්ය.