මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර අවසාන සටහන් කරමින් සුපුරුදු පරිදි සිදු කරන චාරිත්‍රය වන දිය කැපීමේ චාරිත්‍රය අද (9) පෙරවරුවේ සුබ නැකැතින් ගැටඹේ මහවැලි ගංතොටදී සිදු කරන ලදි.
අවසන් රන්දෝලි මහා පෙරහර නිමා වී සධාතුක කරඬුව අස්ගිරිය ගෙඩිගේ රජමහා විහාරයේ තැන්පත් කිරීමෙන් අනතුරුව සිව්මහා දේවාලයන්හි පෙරහර සමග ගැටඹේ මහවැලි ගං තොටදී මෙම දිය කැපීමේ චාරිත්‍රය ඉටුකරනු ලැබීය.
දියවඩන නිලමේ ප්‍රධාන සිව්මහා දේවාලයන්හි බස්නායක නිලමේවරුන් විසින් සම්ප්‍රදානුකූලව පෙරහැර සංදේශය ජනාධිපතිවරයාට පිළිගැන්වීමෙන් 2025 වසරේ ඇසළ මහ පෙරහර නිල වශයෙන් නිමාවට පත්වේ.