2026 මාර්තු 20 සිකුරාදා, 13:02
නවතම පුවත්

දිමුත් වෙනුවෙන් මාලිංග මුළු රටෙන්ම කළ ඉල්ලීම

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දිමුත් කරුණාරත්න වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග විශේෂ වීඩියෝවක් පළ කර තිබේ.

හෙට (06) ආරම්භ වන ටෙස්ට් තරගයෙන් පසු ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට නියමිතව ඇතැයි පළ වූ පුවත සම්බන්ධයෙන් ප්‍රචාර දක්වමින් ලසිත් මාලිංග මෙම වීඩියෝව සිය නිල ෆේස්බුක් පිටුවේ පළ කර තිබුණි.

“මම ඉල්ලීමක් කරනවා ක්‍රීඩාවට ආදරේ කරන හැමෝම අවසන් ටෙස්ට් තරගය බලන්න යන්න. ගාල්ලේ ක්‍රීඩාපිටිය දිමුත් වෙනුවෙන් පුරවන්න හැමෝටම පුළුවන්. මම බලාපොරොත්තු වෙනවා දිමුත් වෙනුවෙන් ඔයගොල්ලෝ ක්‍රීඩාපිටිය පුරවයි කියලා. දිමුත් 100ක් ගහයි. ඒ 100 ගහද්දි අත්පුඩියක් ගහන්න ඔයාලා පිටියේ ඉන්න. දිමා සුබ පතනවා. මම හිතනවා හොඳම කාලේ රිටයි වෙන්නේ කියලා. සියලු ප්‍රේක්ෂකයින්ගේ අත්පුඩි මැද ඔයාට සමුගන්න පුළුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.”

සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී හෙට ආරම්භ වෙයි.

මෙම තරගය දිමුත් කරුණාරත්න සහභාගි වන සිය අවසන් ටෙස්ට් තරගයයි.

වෝන් – මුරලි කුසලානය වෙනුවෙන් එම පැවැත්වෙන තරග දෙකකින් සමන්විත මෙම තරගාවලියේ පළමු තරගය ඉනිමකින් සහ ලකුණු 242කින් ජය ගැනිමට ඔස්ට්‍රේලියාව සමත්වුණි.

ඒ ශ්‍රී ලංකා පිලට දැවැන්තම ටෙස්ට් පරාජයක් උරුම කර දෙමින්ය.

තරග 2කින් සමන්විත මෙම තරගාවලියේ 1ට බින්දුවක් ලෙස ඔස්ට්‍රේලියාව පෙරමුණ ගනිද්දී ශ්‍රී ලංකාව හෙට තරගයට පිවිසෙන්නේ කෙසේ හෝ තරගය ජයගෙන තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන් කිරීමේ අරමුණ ඇතිවයි.

දෙවන ටෙස්ට් තරගය සඳහා රමේෂ් මෙන්ඩිස් ශ්‍රී ලංකා සංචිතයට කැඳවා ඇති අතර ආබාධයකට ලක්ව සිටි පැතුම් නිස්සංකද දෙවන ටෙස්ට් තරගයේදී ක්‍රීඩා කිරීමට නියමිත බව වාර්තා වෙයි.

හෙට ආරම්භ වන ටෙස්ට් තරගයෙන් පසු ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට නියමිතව තිබේ.

වසර 15කට ආසන්න කාලයක් ශ්‍රී ලංකාව නියෝජනය කළ 36 හැවිරිදි දිමුත් හෙට සහභාගි වන්නේ සිය 100 වැනි ටෙස්ට් තරගටයි.

මේ දක්වා ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 99කට ක්‍රිඩාකර ඇති දිමුත් ටෙස්ට් ලකුණු 7172ක් රැස්කර කර ඇත්තේ ශතක 16ක් සමගින්ය.

වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවක් රැස් කළ සිවුවන ශ්‍රී ලාංකික පිතිකරු වන දිමුත් කරුණාරත්න 2019 සිට 2023 දක්වා ටෙස්ට් තරග 30කදී ශ්‍රී ලංකා පිලට නායකත්වය ලබාදී තිබේ.

ලෝක ටෙස්ට් කණ්ඩායමට තුන්වරක් ඇතුළත් වූ ලොව එකම ආරම්භක පිතිකරුවා වන්නේද දිමුත් කරුණාරත්නයි.

ශ්‍රී ලංකාවෙන් බිහිවූ සාර්ථකම ටෙස්ට් ආරම්භක පිතිකරුවා ලෙස සැලකෙන දිමුත් කරුණාරත්න ගාල්ලේදී අද පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ටෙස්ට් පිටියෙන් මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන්ද සමුගන්නා බව නිවේදනය කිරීමට නියමිතයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories