2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 21:06
නවතම පුවත්

දිමුත් කරුණාරත්න ගැන තීරණයක් ?

කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, ටී එම් ඩිල්ෂාන් සහ තිලාන් සමරවීර වැනි මෙරට ටෙස්ට් ක්‍රිකට් පිටියේ දැවැන්තයන් කිහිප දෙනෙකු විශ්‍රාම ගැනීමෙන් පසු ශ්‍රී ලංකාවේ හොඳම ආරම්භක පිතිකරුවා ලෙස පසුගිය දශකයක පමණ කාලය තුළ නම් දරා සිටියේ හිටපු ටෙස්ට් නායක දිමුත් කරුණාරත්නය.

වමතින් පිත්ත හසුරුවන දිමුත් ටෙස්ට් ක්‍රිකට් අනුපිළිවෙළේ ඉහළින්ම සිටින ශ්‍රී ලංකා පිලේ ‘මිස්ටර් රිලයිබල්’ බවට පත්විය.

මෙරටදී මෙන්ම විදේශයන්හිදීත් ඔහුගේ ටෙස්ට් ලකුණු ස්ථාවර වූ අතර අර්බුදකාරී අවස්ථාවලදී ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමට බොහෝ ශක්තිමත් බවක් ලබා දී ඇත.

කරුණාරත්න ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ කෙතරම් වැදගත් කොටසක් බවට පත් වූයේද යත්, ඔහු විටින් විට එක්දින කණ්ඩායමට ද ඇතුළත් විය.

කෙසේ වෙතත් ඔහු පසුගිය මාස කිහිපය තුළ ලකුණු ලබාගැනීමේදී දැඩි අසීරුතාවලට මුහුණ දුන්නේය.

දකුණු අප්‍රිකාවට එරෙහිව ඩර්බන්හිදී ශ්‍රී ලංකාව ලැබූ පරාජයේදී ඔහුට පළමු ඉනිමේ දී ලබා ගත හැකි වූයේ ලකුණු 2ක් සහ දෙවැනි ඉනිමේ ලකුණු 4ක් පමණි.

ඊට පෙර නවසීලන්ත පිලට එරෙහිව ඔහු තරග දෙකකදී අර්ධ ශතකයක් ලබා ගැනීමට සමත් වූ අතර එංගලන්තයට එරෙහිව ද හොඳ තරගාවලියකට සහභාගි විය.

කරුණාරත්න ඔහුගේ අවසන් ටෙස්ට් ඉනිම 11 තුළ 22.27ක සාමාන්‍යයක් ලබාගෙන ඇති අතර එය සාමාන්‍ය ආරම්භක පිතිකරුවකුට වඩා බෙහෙවින් අඩුය.

පැතුම් නිශ්ශංක ටෙස්ට් කණ්ඩායමේ තම ස්ථානය තහවුරු කර ගන්නා බවක් පෙනෙන්නට ඇති හෙයින්, කරුණාරත්නගේ ස්ථානය සම්බන්ධයෙන් තියුණු ලෙස සිතා බැලීමට පොළඹවනු ඇත.

නිශාන් මධුෂ්ක ද ටෙස්ට් කණ්ඩායමේ ස්ථානය නැවත ලබා ගැනීමට දැඩි උත්සාහයක් දරමින් සිටියි.

Gqeberha හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය කරුණාරත්නට ඉදිරි ගමන සඳහා තීරණාත්මක තරගයක් වනු ඇත.

මේ අතර අංක 3 පිතිකරණයේ විශාල වගකීමක් පැවරී තිබූ දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා පළමු ඉනිමේ දැවී ගිය පන්දු යැවීමේ ප්‍රහාරයට එරෙහිව දෙවැනි ඉනිමේදී දස්කම් දක්වමින් අර්ධ ශතකයක් ලබා ගනිමින් විවිධ තත්ත්වයන්ට අනුවර්තනය වීමේ හැකියාව නැවත වරක් පෙන්නුම් කළේය.

චන්දිමාල්ගේ ස්ථානය ඉදිරියට ගැනීමට ගත් පියවර වඩාත් අදාළ වූයේ අසාර්ථකත්වයන් මධ්‍යයේ කුසල් මෙන්ඩිස් කණ්ඩායමේ රැඳී සිටීම ශ්‍රී ලංකාවට අවශ්‍ය වූ බැවිනි.

සාමාන්‍යයෙන් සුපිරි ශිල්පීය ක්‍රම ඇති පිතිකරුවන්ට වෙන්වන අංක 3 පිතිකරණයේ දී සාර්ථක වීමට බොහෝ දෙනෙක් චන්දිමාල්ට අවස්ථාවක් ලබා නොදෙනු ඇත.

කෙසේවෙතත් කවදත් රට තමාට වඩා ඉදිරියෙන් තැබූ චන්දිමාල් අභියෝගාත්මක තත්ත්වයන් යටතේ පිතිකරණයේ නිරත වෙමින් මේ වන විට ඔහු විශිෂ්ට කාර්යයක් ඉටු කර ඇත.

පසුගිය සතියේ දකුණු අප්‍රිකාව ඔවුන්ට පහරදීමත් සමඟ ශ්‍රී ලංකාවට ටෙස්ට් ශූරතා අවසන් මහා තරගයට පැමිණීමේ අවස්ථාවට දැඩි පහරක් එල්ල විය.

කෙසේවෙතත්, තරඟාවලියේ මීළඟ තරඟ තුන ජයග්‍රහණය කළහොත් ලක්වැසියන්ට තවමත් අවසන් මහා තරඟයට පිවිසීමේ අවස්ථාව තිබේ.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories