සමගි ජන බලවේගයේ ආසන සංවිධායකවරු පිරිසක් මේ වනවිට ඉල්ලා අස්වීමට පටන්ගෙන තිබේ .ඒ පළාත් පාලන ආයතන වලට සභිකයන් තෝරා ගැනීමේදී ඇතිව තිබූ ව්‍යාකූල තත්ත්වයන් මතයි .
මන්ත්‍රී ධූර ලබාදීමේදී අපේක්ෂකයන් ලබාගෙන ඇති ඡන්ද ප්‍රතිශත අනුව කටයුතු කිරීමට තීරණය කළත් ඇතැම් සංවිධායකවරු එම තීරණයට පිටතින් කටයුතු කර තිබීම මෙම සිදුවීම සඳහා හේතු වී තිබේ .
මාතලේ ප්‍රධාන සංවිධායක වසන්ත අළු විහාරේ තම ඉල්ලා අස්වීමේ ලිපිය බාර දෙමින් ප්‍රකාශ කර තිබුණේ තවත් බොහෝ පිරිසක් එලෙස ඉල්ලා අස්වීමේ ලිපි භාරදීමට නියමිත බවයි .