ජනාධිපතිවරණයට අදාළව තවත් පැමිණිලි 153ක් මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇත.
ඊයේ එනම් (31) දිනය තුළ දී එම පැමිණිලි ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ පැමිණිලි දෙකක්, මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධ පැමිණිලි 150ක් සහ වෙනත් එක් පැමිණිල්ලක් ඒ අතර වන බව සඳහන් වේ.
ඒ අනුව පසුගිය ජුලි මස 31 වන දා සිට ඊයේ දිනයෙන් අවසන් වූ මාසයක කාලය තුළ මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති සමස්ත පැමිණිලි සංඛ්‍යාව 1,745 ක් දක්වා ඉහළ ගොස් තිබේ.