2026 මාර්තු 29 ඉරිදා, 05:27
නවතම පුවත්

දිගු කාලීන කෝමා තත්වයේ සිටි සෞදියේ “නිදන කුමරා” මියයයි

වසර 20කට ආසන්න කාලයක් කෝමා තත්ත්වයේ පසුවූ, සෞදියේ “නිදන කුමරා” (Sleeping Prince) ලෙසින් ලොව පුරා ප්‍රසිද්ධියට පත් වූ අල්වලීද් බින් ඛාලිද් කුමරා මියගොස් ඇති බව වාර්තා වේ. මියයන විට ඔහුගේ වයස අවුරුදු 36 කි.

ඔහුගේ මරණය පිළිබඳ නිල නිවේදනය ඊයේ (ජූලි 19) ඔහුගේ පියා වන කලීද් බින් තලාල් කුමරු විසින් සිදු කරන ලදී. අල්වලීද් කුමරුගේ අවමංගල්‍යය අද (ජූලි 20) රියාද් නුවර ඉමාම් ටර්කි බින් අබ්දුල්ලා පල්ලියේදී සිදු කිරීමට නියමිතය.

1990 අප්‍රේල් මස උපත ලද අල්වලීද් කුමරු, කලීද් බින් තලාල් අල් සවුද් කුමරුගේ වැඩිමහල් පුත්‍රයා වූ අතර, ප්‍රකෝටිපති ව්‍යාපාරික අල්වලීද් බින් තලාල් කුමරුගේ බෑණනුවන් ද විය. පසුගිය අප්‍රේල් 18 වනදා ඔහුගේ 36 වැනි උපන්දිනය ද යෙදී තිබුණි.

2005 වසරේ ලන්ඩනයේදී සිදු වූ දරුණු රිය අනතුරකින් පසුව අල්වලීද් කුමරු කෝමා තත්ත්වයට පත්විය. මෙම අනතුර සිදුවන විට ඔහුට වයස අවුරුදු 15ක් වූ අතර, එක්සත් රාජධානියේ හමුදා විද්‍යාලයක අධ්‍යාපනය ලබමින් සිට ඇත. අනතුරින් කුමරුගේ මොළයට බරපතළ තුවාල සිදුවී අභ්‍යන්තර රුධිර වහනයක් ඇතිවීම නිසා ඔහු සම්පූර්ණ කෝමා තත්ත්වයකට පත්වූ බව සඳහන් වේ.

අනතුරින් පසු සෞදියේ රියාද් නුවර පිහිටි කිං අබ්දුල් අසීස් රෝහලට ගෙන ආ කුමරු, ඊයේ දිනයේ ඔහු මියයන තුරුම වසර 20ක් පුරා නිරන්තර වෛද්‍ය අධීක්ෂණය යටතේ වෛද්‍ය උපකරණ සහ ජීවිත ආධාරක මත ප්‍රතිකාර ලබමින් සිටියේය. මේ හේතුවෙන් ඔහු “Sleeping Prince” ලෙස ලොව පුරා ප්‍රසිද්ධියට පත්විය.

අල්වලීද් කුමරු බොහෝ දුරට කෝමා තත්ත්වයේ සිටියද, ඉඳහිට සියුම් චලන දැක්වූ බව වාර්තා වේ. 2019 වසරේදී, එනම් අනතුරට මුහුණ දී වසර 14කට පසු, ඔහු එක් අතක ඇඟිලි ඉහළට ඔසවා චලනය කළ වීඩියෝවක් අන්තර්ජාලයේ පළ විය.

ඔහුගේ පියා වන කලීද් කුමරු කිසිවිටෙකත් සිය පුත් කුමරුගේ වෛද්‍ය උපකරණ සහ ජීවිත ආධාරක ඉවත් කිරීමට එකඟ වී නොමැත. ඔහු නිතරම ප්‍රකාශ කර ඇත්තේ මරණය සිදුවන මොහොත තීරණය කරන්නේ දෙවියන් වහන්සේ පමණක් බවය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories