2026 මාර්තු 18 බදාදා, 14:16
නවතම පුවත්

දැවැන්තම ත්‍රස්ත ප්‍රහාරයට අදට වසර 23ක්

අමෙරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය සහ පෙන්ටගනය වෙත එල්ලවූ අල් කයිඩා ප්‍රහාරය සැලකෙන්නේ ලෝක ඉතිහාසයේ දැවැන්තම ත්‍රස්ත ප්‍රහාරයක් ලෙසය.

අමෙරිකාවේ 9/11 ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී අදට වසර 23ක් ගතවී අවසන් ය.

ලෝක ඉතිහාසයේ දැවැන්තම ත්‍රස්තවාදී ප්‍රහාරය ලෙස සැලකෙන්නේ අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පිහිටි ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන ගොඩනැගිලි ද්විත්වය සහ වොෂින්ටන් නුවර පෙන්ටගනය වෙත එල්ල වූ අල් ඛයිඩා ත්‍රස්ත ප්‍රහාරයයි.

මගී ප්‍රවාහන ගුවන්යානා හතරක් යොදාගනිමින් එල්ල කළ නයින් ලෙවන් ප්‍රහාර මාලාවේ පළමු ප්‍රහාරයේ ඉලක්කය වූයේ නිව්යෝර්ක් නුවර ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන ගොඩනැගිල්ලේ උතුරු කුළුණ වන අතර ඒ එරට වේලාවෙන් පෙරවරු 8.46 ටයි.

ඉන් මිනිත්තු 17 කට පසු එනම් පෙරවරු 9.03ට එහි දකුණු කුළුණ වෙතද ප්‍රහාරයක් එල්ල වූයේ මගී ප්‍රවාහන ගුවන්යානාවක් යොදාගෙන ය.

පළමු ප්‍රහාරයෙන් පැයයි විනාඩි 45කට ආසන්න කාලයක් තුළ මහල් 110කින් සමන්විත වූ වෙළෙඳ මධ්‍යස්ථාන කුළුණු ද්විත්වයම කඩා වැටුණි.

නිව්යෝර්ක් ප්‍රහාරයේ උණුසුම පහවයාමටත් මත්තෙන් අමෙරිකානු ආරක්ෂාවේ මරමස්ථානය ලෙස සැලකෙන පෙන්ටගනය එනම් අමෙරිකානු ආරක්ෂක මූලස්ථානය වෙත ද තවත් ගුවන්යානයක් යොදාගෙන ප්‍රහාරයක් එල්ල වූ අතර ඒ පෙරවරු 9.37 ටයි.

මෙම ප්‍රහාර තුනට සමගාමීව තවත් ගුවන්යානයක් එරට පෙන්සල්වේනියා ප්‍රාන්තයේ හුදකලා කලාපයක් වෙත කඩා වැටුණේ මගීන්, කාර්ය මණ්ඩල සාමාජිකයින් සහ යානය පැහැරගැනීමට උත්සහ කළ ත්‍රස්තවාදීන් ඇතුළුව 44 දෙනෙක් මියගියහ.

එම යානය භාවිතා කර ධවල මන්දිරය වෙත ප්‍රහාරයක් එල්ල කිරීම ත්‍රස්තවාදී සැලසුම වන්නට ඇතැයි සැක කෙරුණි.

කෙසේ නමුත් යානය ඊට පෙර කඩා වැටී ඇත්තේ යානයේ සිටි මගීන් නිර්භීතව යානය පැහැරගැනීමට පැමිණි පිරිස සමඟ සටන් වැදීම හේතුවෙන් බව පසුව අනාවරණ වී තිබේ.

අමෙරිකාවට ඩොලර් බිලියන 10කට ආසන්න මූල්‍ය හානියක් සිදුකරමින් එල්ල වූ මෙම ප්‍රහාරයෙන් මිය ගිය පිරිස 2,977ක්.

ඒ පිරිස අතරට ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ සහ පෙන්ටගන්යේ රැඳී සිටි පුද්ගලයින් මෙන්ම එම මගී ප්‍රවාහන ගුවන්යානාවල සිටි පිරිසද අයත් ය.

ඊට අමතරව ප්‍රහාරයට සම්බන්ධ වූ ත්‍රස්තවාදීන් 19 දෙනෙක් ද මිය ගොස් තිබුණි.

ප්‍රහාරය පිටුපස සිටින මහ මොළකරු ලෙස සැලකුණේ අල්කයිඩා සංවිධානයේ එවක නායක ඔසාමා බින් ලාඩ්න්.

ලෝක දේශපාලන සිතියම වෙනස් කළ ප්‍රධානතම ප්‍රහාරය ලෙස සැලකෙන සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් අනතුරුව අමෙරිකාව ත්‍රස්තවාදයට එරෙහිව ගෝලීය සටනක් ආරම්භ කළේ ය.

එහි ප‍්‍රතිඵලයක් ලෙස ඇෆ්ගනිස්තානය ආක‍්‍රමණය කළ අමෙරිකානු හමුදාව එහි තිබූ තලෙයිබාන් පාලනය පෙරළා දමන ලදී.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories