2025 අගෝස්තු 15 සිකුරාදා, 01:00
නවතම පුවත්

දැන් රටේ අලුත් නීතියක් – පාරට වැටිච්ච එක ගැන සතුටුයි – හරීන් කියයි

මැතිවරණ නීති උල්ලංඝණය කරමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රචාරක කටයුතුවල නිරත වූ ජාතික ජන බලවේගයේ ආධාරකරුවන්ට එරෙහිව පියවර නොගත්තේ මන්දැයි හිටපු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු ප්‍රශ්න කරයි.

බදුල්ල පොලිසියට අද ප්‍රකාශයක් ලබාදීමට පැමිණීමේදී ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් හරීන් ප්‍රනාන්දු මෙම ප්‍රශ්නය මතුකළේය.

මහමැතිවරණයට දින කිහිපයකට පෙර බදුල්ල නගරයේ දී, අංක 10 දරන අන්තර්ජාතික පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසීගේ ජර්සියට සමාන ටී ෂර්ට් ඇඳීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය අද ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගත්තේය.

මැතිවරණ ප්‍රචාරක කටයුතුවලදී ජාතික ජන බලවේගයේ ආධාරකරුවන් රතු පැහැති ටී ෂර්ට් ඇඳ සිටින ඡායාරූප පෙන්වමින් හරීන් ප්‍රනාන්දු කියාසිටියේ, තමන් ඇඳ සිටි ටී ෂර්ටයේ තම පක්ෂයේ ‘ගෑස් සිලින්ඩරය’ ලකුණ නොමැති බවත් තම අපේක්ෂකත්වයට අදාළ අංක 10 ද නොමැති බවත්ය.

නව ආණ්ඩුවද ද පැරණි දේශපාලන ක්‍රමවලට යොමුවෙමින් සිටින බව ප්‍රකාශ කළ හිටපු මන්ත්‍රීවරයා, මෙම සිද්ධිය සම්බන්ධයෙන් බලධාරීන් නව නීතියක් අනුගමනය කරමින් සිටින බව සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා බදුල්ල පොලිසියට පැමිණෙන ලෙස තමාගෙන් ඉල්ලා සිටි නමුත් දිනයක් දැනුම් නොදුන් බවත්, ඒ හේතුවෙන් තමන් අද පොලිසියට වාර්තා කළ බවත් හරීන් ප්‍රනාන්දු වැඩිදුරටත් අනාවරණය කළේය.

එම ප්‍රකාශය සටහන් කර ගැනීමෙන් අනතුරුව හරීන් ප්‍රනාන්දු බදුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ, ඔහුගේ ‘මෙසී 10’ ව්‍යාපාරය හරහා මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ චෝදනාව මතයි.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories