2025 අගෝස්තු 15 සිකුරාදා, 02:16
නවතම පුවත්

දැඩි ලෙස විකෘති වූ කළල ගබ්සා කිරීම පිළිබඳව පාර්ලිමේන්තුවේ කථා බහක්

වෛද්‍ය විශේෂඥයින් විසින් තහවුරු කරන ලද බරපතල විකෘතිතා සහිත කළල ගබ්සා කිරීම නීතිගත කිරීම පිළිබඳව අද (21) පාර්ලිමේන්තුවේ දී දීර්ඝ සාකච්ඡාවක් පැවැත්විණි.

මේ සම්බන්ධයෙන්, වෛද්‍ය හේතු මත ගැබ් ගැනීම් වහාම අවසන් කිරීම සඳහා නීති සකස් කර බලාත්මක කරන ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා ආණ්ඩු පක්ෂයෙන් ඉල්ලා සිටියේය.

දරුණු ශාරීරික දෝෂ ඇති කළල ගබ්සා කිරීම සම්බන්ධයෙන් වසර ගණනාවක් තිස්සේ විවාද පැවතුනද, එය ක්‍රියාත්මක කිරීමට තවමත් නොහැකි වී ඇති බව ඔහු පැවසීය.

“ලෝකයේ හොඳ ශිෂ්ටාචාර තිබෙන රටවල මේ සම්බන්ධව පියවර අරගෙන තිබෙනවා.

ශක්තිමත් ආණ්ඩුවක් තියෙනවා. නිර්භීතව පක්ෂ විපක්ෂ භේදයක් නැතුව ලෝකය පිළිගත් ප්‍රමිතීන්ට අනුකූලව මේ නීති සම්මත කරමු.

මේක ගැන තවදුරටත් හතරවටෙන් විමසන්න එපා.

තමන්ට මේ ප්‍රශ්න අදාළ නොවන හුදු තමන්ගේ මතවාදයන් තුළ පමණන් ඉන්න පුද්ගලයන් හෝ කණ්ඩායම්වල මතයන් ගැන හිතන්න එපා” යනුවෙන් පැවසීය.

මෙහිදී ආණ්ඩුව වෙනුවෙන් පිළිතුරු දුන් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා,

“මේක වටේ යනවා හෝ නොකර ඉන්නවා නෙමෙයි. තව අවුරුදු හතර හමාරක් අපේ රජයට තියෙනවා. නමුත් මේ වැඩේ කරන්න අවුරුදු හතර හමාරක් යන්නේ නෑ” යනුවෙන් පැවසීය.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories