2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 17:14
නවතම පුවත්

දවුලගල පාසල් සිසුවිය පැහැරගෙන යෑම – OICගේ වැඩ තහනම්

දවුලගල පොලිස් වසමේ හපුගහයට තැන්න ප්‍රදේශයේදී 18 හැවිරිදි පාසල් සිසුවියක පුද්ගලයෙකු විසින් පැහැරගෙන යෑමේ සිද්ධිය වූ දිනයේදී පොලිසිය නිසි ලෙස රාජකාරී නොකිරීමේ චෝදනා මත එම පොලිස් ස්ථානයේ එදින වැඩ බලන ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ නිලධාරියාගේ වැඩ තහනම් කර කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියක සහ උප පොලිස් පරීක්ෂකවරයෙකු ස්ථාන මාරුකිරීමට පියවර ගෙන තිබේ.

එසේ වැඩ තහනම් කර ඇත්තේ, සිද්ධිය වූ දිනයේ දී දවුලගල පොලිස් ස්ථානයේ වැඩ බලන ස්ථානාධිපතිවරයා වශයෙන් සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.ඒ.එස්.එස්. රණසිංහගේය.

එම පොලිස් ස්ථානයේ රාජකාරියේ නියුතුව සිටි කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී.ජී. කුසුම් ගමගේ ට කඩුගන්නාව පොලිසියටද උප පොලිස් පරීක්ෂක ජී.ඒ.එස්. නිමල්සිරි (අපරාධ අංශයේ ස්ථානාධිපති) වෙලම්බොඩට පොලිසියටද ස්ථාන මාරු ලබා දී තිබේ.

එම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියේ අභ්‍යන්තර විමර්ශනයක් සිදුකිරීමෙන් අනතුරුව මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායකගේ නියෝග මත මෙම විනය පියවර ගෙන තිබේ.

ඉකුත් ජනවාරි මස19 වැනි දින පෙරවරු 7.30 ට පමණ දවුලගල පොලිස් වසමේ හපුගහයට තැන්න ප්‍රදේශයේදී මෙම පැහැර ගැනීම සිදුවන අවස්ථාවේදී එම ස්ථානයෙන් ගමන් කළ බව කියන ගම්පොළ පොලිසියේ රාජකාරියේ නියුතු නිලධාරියකු සිද්ධිය සම්බන්ධයෙන් දවුලගල පොලීසියේ මෙහෙයුම් මැදිරියට දැනුම් දී ඇතත් ඒ සම්බන්ධයෙන් දවුලගල පොලිසිය ක්‍රියාත්මක නොවීමේ චෝදනාමත මෙම විනය පියවර ගෙන ඇති බව ඉහළ පොලිස් නිලධාරියකු පවසා ඇත

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories