මේ සතියේ පැවැත්වෙන මහ මැතිවරණය හේතුවෙන් දිවයින පුරා පිහිටි සුරාසල් නොවැම්බර් 14 සහ 15 යන දෙදින වසා තැබීමට නියමිත බව සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
නොවැම්බර් 14 වැනිදා මහ මැතිවරණය පැවැත්වීමට නියමිත අතර, 15 වැනිදාට පොහොය දිනය යෙදී ඇති බැවින් මෙම දිනයන් දෙකෙහිම සුරාසැල් වසා තැබීමට මෙසේ කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.