2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 14:58
නවතම පුවත්

දවසකට ෆෝම් වෙන පෙම්වතුන්ට HAPPY VALANTINES

මේක කියවන ඔබ සියලු දෙනාටම සුබ ආදරවන්තයන්ගේ දිනයක්! ඔන්න සුවහසක් ආදරවන්තයන්, ආදරණීයයන් බලන් හිටපු දවස උදා වෙලා. වැලන්ටයින් වැලන්ටයින්, ඉතින් ආදරවන්තයන්ගේ ආදරය උත්කර්ෂවත් අන්දමින් සමරන්න තමයි අද දවස වෙන් කරල තියාගන්නේ මේ වැලන්ටයින් දිනයට පසුබිම් වෙන වැලන්ටයින් සාන්තුවරයා පිළිබඳ දිගු පසුබිම් කතාවක් තියෙනවා. නමුත් මම ඒ ගැන මෙතන සඳහන් කරන්න යන්නෙ නෑ. අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ කොහොමද පෙම්වතුන්, ආදරවන්තයන් මේ වැලන්ටයින් දිනය සමරන්නෙ කියල.

පොඩ්ඩක් විපරම් කරල බලමු කොහොමද මේ 80 දශකෙ අපේ ආච්චිලා සීයල වැලන්ටයින් සැමරුවෙ කියල. ගොඩක් වෙලාවට මේ ආච්චිලා සීයලට දැන් ඉන්න පෙම්වතුන්ට වගේ භෞතිකව සමීප වෙන්න තිබ්බ හැකියාව අවමයි. එකල තිබ්බ සමාජ සහ සංස්කෘතික ක්‍රමය අනුව බොහෝ වෙලාවට ඔවුන් මුණගැහෙන්නෙ පෝයට පන්සලේදි, ගම්මඩුවකදි, කිරිමඩුවකදි, පෙරහරකදි වගේ තමයි. ඒ හැරුණාම දීග යනකන් ගැහැනු දැරිවියොන්ට තනියම නිවෙස් සීමාවෙන් පිටතට යන්න වැඩිහිටි ඈයො ඉඩක් දුන්නෙ නෑ. ඒ කාලෙ දැරිවියෝ අම්ම අප්පච්චිට අවනත වෙලා ගෙදරම හිටියා. ඉතිං ඔය වැලන්ටයින් දවස හරියට සමරන්න එයාල කසාද බඳිනකන් ඉඩක් ලැබෙන්නෙ නෑ, “බැන්දට පස්සෙ මොන වැලන්ටයින්ද සුමනෝ” කියලා ඔවුන් එදවස ගැන වැඩිමනක් සැලකිල්ලක් දක්වලා නෑ.

කොහොම වුණත් ඒකාලෙ ග්‍රාමීය වශයෙන් ලංකාව තුළට මේ වැලන්ටයින් සංකල්පය අලුත් වගේම ටිකක් නුහුරුයි. ආදරවන්තයන්ගේ දවස ගැන යම් යම් දේවල් සමාජය තුළ කතිකාවතට නැඟෙන්න ගත්තට පස්සෙ ඒ දිනයට ඔවුන් පුංචි තෑග්ගක්, ලියුමක් හුවමාරු කරගත්තා. තෑග්ගක් කිව්වම රත්තරන් චේන් එකක්, වොච් එකක්, සපත්තු දෙකක් නෙවෙයි හරිද? ඒ කාලෙ හැටියට ලේන්සුවක්, කොණ්ඩ කටුවක්, පබළු මාලයක්, පනාවක්, සුවඳ සබන් කැටයක්, පීත්ත පටියක් ඔය වගේ දේවල් තමයි හුවමාරු කරගන්නේ. ඒ කාලෙ ඉතින් සමහර වෙලාවට අදාළ දවසටම පෙම්වතුන්ගේ දිනය සමරන්න වෙන්නෙ නෑ, ඇයි ඉතින් ගෙදරින් එළියට බහින්න තහනම්නෙ. ඒ නිසා ඊළඟට හමුවෙන දිනය බලල වැලන්ටයින් ලියුමයි තෑග්ගයි මෙයාලා හුවමාරු කරගන්නවා.

කොහොමින් කොහොමහරි අහල පහළ ගෙවල් තියෙන උදවියට නම් එදාටම ඔය තෑගි හුවමාරු කරගන්නත් අවස්ථාව නැතුව නොවෙයි. පොත අස්සෙ දාලා ලේන්සුවක් ලියුමක් දෙන්න බැරිකමකුත් නෑනෙ, වේළුණු අඹ ඇටයක් පළල ලියුම හංගල වත්තට විසි කරපු පෙම්වත් ආච්චිලා සීයලත් හිටියා. ඔය කොයි විදිහකින් හරි තමන්ගෙ ආදරවන්තයා සතුටු කරවන්න ඒ කාලෙ හිටපු ආදරවන්තයොත් උත්සාහ කළා. අද ඉඳන් ආපස්සට හැරිලා බැලුවාම අදට වඩා ඉස්සර හරි සුන්දරයි නේද කියල හිතෙනවා.

ඔහොම ටිකෙන් ටික කාලය ගිහිල්ලා 90 දශකෙට එනවනෙ. එතකොට නම් ඔන්න බටන් ෆෝන් තියෙනවා කට්ටියට. ඔය බටන් ෆෝන් එකෙන් මුලින්ම වැලන්ටයින් ඩේ එක දවසට පෙම්වතාට පෙම්වතියට සුබ පණිවුඩයක් යවන එක තමයි එකල පෙම්වතුන්ගේ පළමු රාජකාරිය. ඊට පස්සෙ ඉතින් ගෙදරට පුංචි බොරුවක් කියල හරි තමන්ගෙ පාට්නර්ව හම්බෙන්න යනවා. හම්බෙන්නෙ කොතැනද, කන්නෙ මොනාද, තෑගි ගේනවද ඔය ඔක්කොම කලින්ම දන්නවා ඉතිං බටන් ෆෝන් එකෙන් කෙටිපණිවුඩ යවන නිසා. 80 දශකෙ තරම්ම කුතුහලයක් 90 දශකෙ පෙම්වතුන්ට තියෙන්න නැතුව ඇති.

ගෙදරින් හදාගත්තු බත් මුල බැඳගෙන තමයි සමහර වෙලාවට මේ 90 පෙම්වතුන් මුණගැහුණෙ. හැමෝටම දුරකථන තිබුණෙත් නෑනෙ. කොහොමහරි ඉතින් 80 දශකෙ තරම් නැති වුණත් යම් වෑයමක් 90 දශකෙ උදවියටත් මේ වැලන්ටයින් සැමරීම සඳහා දරන්න වුණා.

ඉන් පස්සෙ 20 දශකෙ එනවනෙ. ඒ කියන්නෙ 2000න් පස්සෙ උදවිය. මෙතැනදි 2005න් පස්සෙ උදවිය ගැන වෙනම කතා කරමු. දැන් අපි 2000 – 2005 උදවිය වැලන්ටයින් සමරන්නෙ කොහොමද කියල බලමු. මේ 2000න් පස්සෙ උදවිය ඇටෙන් පොත්තෙන් මෝරද්දිම අතට හම්බුණා ස්මාට් ෆෝන්. කොච්චර දුරක හිටියත් තමන්ගෙ පෙම්වතා පෙම්වතී තමන්ගෙ ළඟම ඉන්නවා වගේ දැනෙන්න ඔවුන් පින්තූර මාරු කරගන්නවා, හඬපඩ හුවමාරු කරගන්නවා. ඉතිං මේ උදවියත් වැලන්ටයින් සමරන්න හරිම වුවමනාවකින් තමා ලකලැහැස්ති වෙන්නේ. රෝසමලක් දීලා පෙම්වතීට “අයි ලව් යූ” කියලා මූණට කියනවා තරම් දෙයක් මේ පෙම්වතුන්ට නෑ. දැන් වෙනම වැලන්ටයින් ගිෆ්ට් සෙන්ටර් තියෙනවා, වැලන්ටයින් ඩිනර්ස් තියෙනවා, ටී පාටි, ලන්ච් මේ හැමදේම මේ වෙනකොට ගොඩනැඟිලා තියෙනවා. ඉතිං එදාට දෙන්නත් එක්කම එළියට ගිහිල්ලා කෑම ටිකක් කාලා කතා බහ කරල කොහොමහරි ආපහු ගෙදරට එනවා.

දැන් මේ 2005න් පස්සෙ සෙට් එක ගැන කතා කළොත් ගොඩක් වෙලාවට එයාලා වැලන්ටයින් සමරන්නෙ ඇයි, වැලන්ටයින් කියල සාන්තුවරයෙක් හිටියද කියන එකවත් දන්නෙ නෑ. වැලන්ටයින් කියන්නෙ ඒ දවසට කියන නම කියල තමයි මේ පෙම්වතුන් හිතාගෙන ඉන්නෙ. එතකොට චැඩ් කල්‍ට් එක බලෙන්ම වැලඳගත්තු පිරිසක් තමයි මේ අයගෙන් ඉන්නෙ. සමහර වෙලාවට ඔවුන් හිතනවා මේ වැලන්ටයින් සමරනවා කියන්නෙ පාට්‍නර් එක්ක රූම් යන එක. ඇත්තට දැන් ඉන්න ගොඩක් පෙම්වතුන්ට එතැනිනුත් අවුරුදු 17, 18, 19 වගේ පෙම්වතුන්ට වැලන්ටයින් කිව්වම මතක් වෙන්නෙ රූම් යන එක. වීඩියෝ කෝල්, චොකලට්, කොක්ටේල්, රූම්, රෝසස්, ටෙඩීස්ල අතර ‍ෙදා්ලනය වෙන දවස් ටිකක් තමයි මේ 2005න් පස්සෙ වැලන්ටයින් සමරන අයට තියෙන්නෙ.

දැන් වෙනකොට වැලන්ටයින් සතිය කියල එකකුත් හදාගෙන තියෙනවනෙ.

එතැනින් පළමු දිනය Rose Day ඒ කියන්නෙ ඔයා ආදරය කරන කෙනාට රෝසමලක් දෙන දවස.

දෙවැනි දිනය Propose Day. ඔයාගෙ ආදරය එයාට ප්‍රකාශ කරන දවස.

තුන Chocolate Day.. ඔයාගෙ සහකරුට චොක්ලට් එක තෑගි කරන දවස.

Teddy Day කියන්නෙ හතරවැනි දවස. එදාට කරන්නෙ ටෙඩියෙක් තෑගි දෙන එක තමන්ගෙ පෙම්වතාට හෝ පෙම්වතියට.

ඉන් පස්සෙ තියෙනවා Promise Day, Hug Day සහ Kiss Day. මේ දින තුනේදි ආදරයේ පොරොන්දු, වැලඳගැනීම් සහ හාදු තමයි හුවමාරු කරගන්නෙ. ඉන් පස්සෙ එනව ඔන්න වැලන්ටයින් ඩේ. මේ දවස තමයි පෙබරවාරි 14. ඉතිං පෙබරවාරි 07 ඉඳන් 14 වෙනකන් දැන් ඉන්න පෙම්වතුන් මේ විදිහට වැලන්ටයින් සමරනවා.

14 වැනිදට ලංකාව තුළ විශාල වශයෙන් කොන්ඩම් අලෙවියක් සිදුවෙනවා. ඉතිං මේ පුංචි පෙම්වතුන් හිතාගෙන ඉන්නෙ වැලන්ටයින් කියන්නෙ සෙක්ස් කරන්න තියෙන දවසක් කියල. ඔවුන්ට යම් දෙයක් කියල පැහැදිලි කරන්නත් අපහසුයි. නව යොවුන් වියේ ඇති වන විවිධ ආශා පාලනය කර ගැනීම තමන් සතු බව හැමෝම තේරුම් ගන්න ඕන කාරණයක්.

අවුරුදු 17ක් 18ක් කියන්නෙ තාමත් ගෙදර මවුපියන් එක්ක සම්බන්ධයක් පවත්වන අවධියක්. ඉතිං එහෙම කාලසීමාවක ඉඳන් එයාලා ක්ලාස් ෆී එක ගෙවන්න දෙන සල්ලිවලින් පෙම්වතිය එක්ක රූම් යන එක, එයාලා පොකට් මනී දෙන සල්ලිවලින් කොන්ඩම් එකක් මිලදී ගන්න එක එතරම් නුවණට හුරු දෙයක් නෙවෙයි. රූම් ගිහින් ගන්න ෆොටෝස් සෝෂල් මීඩියා දාන තරමටම සමහර පෙම්වතුන් මේ වෙනකොට පිරිහිලා. ගොඩක් වෙලාවට තමන්ගේ මූණට ස්ටිකරයක් දාලා පාට්නර්ගෙ මූණ පේන්න තියෙනවා. මතක තියාගන්න ඔයාට වගේම ඔයාගෙ පාට්නර්ටත් ප්‍රයිවසි එකක් සහ ආත්මගරුත්වයක් තියෙනවා කියල.

අසූව දශකයෙ ඉඳන් මේ වෙනකොට වැලන්ටයින් සමරන විදිය විකාශනය වෙන්නේ ඔන්න ඔය විදිහට තමයි . ඉතිං මොනදේ කළත් අවසානෙට ආදරය ගෞරවය රැකගෙන සැමරීමක් තමයි සැබෑ ආදරවන්තයින්ගේ සැමරුමක් වෙන්න ඕන .

සුබ ආදරවන්තයන්ගේ දිනයක් වේවා .

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

දේශපාලන

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...
Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories