මෑතකදී කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ සැත්කමක් සඳහා ඇතුළත් කෙරුණු තුන් හැවිරිදි දරුවකුගේ වකුගඩුවක් ඉවත් කිරීමේ සිද්ධියට අදාළ නඩුකරය ලබන 25 වන දා යළි කැඳවන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළ අතර මෙම නඩුව අද (11) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුනවල මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී මෙම දරුවාට සැත්කම සිදුකළ බව කියන වෛද්‍ය නවීන් විජේකෝන් මහතා, මේ වන විට විදේශගත වී සිටින අතර ඔහුගේ ප්‍රකාශය ද අධිකරණයට ඉදිරිපත් කෙරුණි.
ඉන් අනතුරුව මෙම දරුවාගේ මරණයට අදාළ තීන්දුව ප්‍රකාශ කිරීම ලබන 25 වනදා දක්වා කල් තැබීමටද මහෙස්ත්‍රාත්වරයා නියම කර ඇත.