ජෙෆ්රි වැරන්ඩර්ස්ගේ සුපිරි පන්දු යැවීම හේතුවෙන් සංචාරක ඉන්දීය කණ්ඩායම සමඟ දෙවන එක් දින තරඟය ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ රාත්‍රියේදී හැකියාව ලැබුණා.
ඉන්දීය කණ්ඩායම පරාජය කරමින් සත්කාරක ශ්‍රී ලංකාව මෙම තරඟයේ ලකුණු 32 ජයක් හිමි වුණා.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරඟයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර පනහ තුළ කඩුළු නවයක් දැවී ලකුණු 240 ක පුවරුවක් නිර්මාණය කළා.
මෙම තරඟයේදීත් ශ්‍රී ලංකා මැද පෙලේ යම් බිඳවැටීමක් දැකගන්නට තිබුණ ද ඉන්දීය ඉනිමේ පළමු කඩුල්ල දවා ගනිමින් කඩුළු දඩයම ඇරඹූ ජෙෆ්රි වැන්ඩර්සේ ඉන්දීය ඉනිමට දැඩි පීඩනයක් එල්ල කළා.
වැන්ඩර්සේ ලබාදුන් පීඩනයේ ආරම්භය අඛණ්ඩව ඉන්දීය පිතිකරුවන්ට එල්ල කරන්නට ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් කටයුතු කළේ තරගයේ වැඩි ගෞරවය ශ්‍රී ලංකාව දෙසට හරවා ගනිමින්.
මෙහිදී ලකුණු 33 කඩුළු 6ක් දවා ගනිමින් ජෙෆ්රි වැන්ඩර්සේ තරඟයේ වීරයා බවට පත් වූණා.