2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 23:01
නවතම පුවත්

දකුණේ සුනාමි කුලුණු අබලන් – කඩන් වැටෙන්න ඔන්න මෙන්නලු

සුනාමි ව්‍යසනයකින් ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා ඉදිකළ සුනාමි අනතුරු ඇඟවීමේ කුළුණු මේ වනවිට නොසළකා හැර ඇති බවට 2004 සුනාමි ව්‍යසනය සිදු වූ ප්‍රදේශවල ජනතාව සිය කලකිරීම ප්‍රකාශ කරති.

ඔවුන් පෙන්වා දුන්නේ වසර කිහිපයක සිට මෙම කුළුණු පිළිසකර කිරීම් සහ නඩත්තු කටයුතු සිදු කර නොමැති බවයි.

දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ ගාල්ල, අහංගම, බලපිටිය, අම්බලන්ගොඩ, හික්කඩුව, රත්ගම, තෙල්වත්ත සහ උණවටුන ඇතුළු විවිධ දිස්ත්‍රික්කවල මෙන්ම මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් සුනාමි අනතුරු ඇඟවීමේ කුළුණු 24ක් පිහිටා ඇත.

වැලිගම පොලිස් ක්‍රීඩාංගණය, දික්වැල්ල පොලිස් ක්‍රීඩාංගණය, මිරිස්ස ධීවර වරාය, දෙවිනුවර ධීවර වරාය, පොල්හේන සුමනාරාම විහාරස්ථානය, මාතර දිස්ත්‍රික්කයේ තලාල දකුණු මහා විද්‍යාලය, කිරින්ද මුස්ලිම් මහා විද්‍යාලය, තංගල්ල විසුද්ධාරාම ක්‍රීඩාංගණය, තංගල්ල පොලිස් ක්‍රීඩාංගණය, හම්බන්තොට දිස්ත්‍රික්කයේ කුඩාවැල්ල ධීවර වරාය, රැකව ප්‍රාථමික පාසල් ක්‍රීඩාංගණය, බටඅත විහාර ක්‍රීඩාංගණය සහ සිසිලගම සීතාරාම විහාරස්ථාන භූමිය යන ස්ථාන ඊට ඇතුළත් වේ.

අහංගම ශාරිපුත්‍ර මහා විද්‍යාලයේ සුනාමි කුළුණ කඩා වැටීම මගින් පාසල් සිසුන්ට සිදුවිය හැකි අනතුරු වළක්වා ගැනීමේ පූර්වාරක්ෂාවක් ලෙස එහි අබලන් තත්ත්වය හේතුවෙන් පසුගියදා එය ගලවා ඉවත් කරන ලදී.

ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසුවේ දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආශ්‍රිතව සුනාමි අනතුරු ඇඟවීමේ කුළුණු 77ක් පිහිටා ඇති බවත්, අලුත්වැඩියාව සහ නඩත්තුව කොළඹ ප්‍රධාන කාර්යාලය මගින් අධීක්ෂණය කරන බවත්ය.

නමුත් ප්‍රතිපාදන නොමැතිකම හේතුවෙන් නඩත්තු කටයුතු ප්‍රමාද වී ඇත.

මෙම කුළුණු බොහොමයක ඇති සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන බැටරිවල කල් ඉකුත් වී ඇති බව ද එම නිලධාරියා සඳහන් කර තිබේ.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories