දකුණු කොරියාවට දින ගණනාවක් පුරා ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ඇති වූ ගංවතුර සහ නායයෑම් තත්ත්වය නිසා මේ වන විට පුද්ගලයන් 14 දෙනෙකු මියගොස් ඇති බව එරට ආපදා කළමනාකරණ කාර්යාලය පවසයි.
ගලවා ගැනීමේ කටයුතු අඛණ්ඩව සිදුවන බැවින් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව බලධාරීන් ප්‍රකාශ කර තිබේ. දැනට පුද්ගලයන් 12 දෙනෙකු අතුරුදන්ව ඇති බවද වාර්තා වේ.
පසුගිය බදාදා ආරම්භ වූ මෙම වර්ෂාව හේතුවෙන් පුද්ගලයන් 10,000කට ආසන්න පිරිසකට සිය නිවාස අතහැර ආරක්ෂිත ස්ථාන වෙත යාමට සිදු විය. ආපදා තත්ත්වයෙන් දරුණුතම බලපෑම එල්ල වී ඇත්තේ දකුණු සහ මධ්‍යම ප්‍රදේශවලට වන අතර, ගංවතුර තත්ත්වයෙන් මාර්ග සහ ගොඩනැගිලි දහස් ගණනක් යට වී ඇතැයි වාර්තා වේ.
පවතින තත්ත්වය හේතුවෙන් එරට ප්‍රදේශ රැසකට බරපතළ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමටද ආපදා කළමනාකරණ කාර්යාලය පියවර ගෙන තිබේ.