දඹුල්ල- කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ තෝරයාය ප්‍රදේශයේදී බස් රථ දෙකක් ගැටී සිදුවූ අනතුරින් පුද්ගලයන් පස් දෙනෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂිකා මිහිරි ප්‍රියංගනී පවසයි.
මෙම අනතුරින් පුද්ගලයන් සිව් දෙනෙකු ජිවිතක්ෂයට පත් වූ අතර පුද්ගලයන් 34 දෙනෙකු රෝහල්ගත කර බව වෛද්‍යවරිය සඳහන් කළා ය.
ඊයේ (10) අලුයම කදුරුවෙල සිට කොළඹ දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මගීන් නංවා ගැනීම සඳහා නවතා තිබීයදී ඊට පිටුපසින් පැමිණි තවත් පෞද්ගලික බස් රථයක් එහි ගැටී තිබිණි.
නවතා තිබූ බස් රථයට පිටුපසින් පැමිණි බස් රථයේ අධික වේගයෙන් ධාවනය කිරීම හේතුවෙන් මෙම අනතුර සිදු වී ඇති බව පොලිසිය සඳහන් කළේ ය.
මෙම අනතුර සම්බන්ධයෙන් පිටුපස බස් රථයේ රියැදුරා ඊයේ අත්අඩංගුවට ගත් අතර ඔහුව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 20 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ බව පොලිසිය සඳහන් කළේ ය.
මේ පිළිබඳව දොරටියාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.