වෙඩි පහරක් වැදීම නිසා අසාධ්‍ය තත්ත්වයේ සිටි භාතිය හස්තියා අද උදෑසන 8.55ට අවසන් හුස්ම හෙළා ඇති බව වාර්තා වේ.
ගම්වැසියන්ගේ උදව් උපකාර මෙන්ම පශු වෛද්‍යවරුන්ගේ උදව් උපකාරයෙන් දවස් ගණනාවක් ප්‍රතිකාර ලබමින් සිටි මෙම ඇත් රජු කාගේත් අවධානය දිනා ගනිමින් සිටි වනයේ තේජස විහිදූ හස්තිරාජයෙකි.
අමනුෂ්‍යයන්ගේ නොමනා ක්‍රියාකාරකම් නිසා දුක් විඳි භාතිය ඇත් රජුනි ඔබට නිවන් සුව..