2025 අගෝස්තු 15 සිකුරාදා, 00:59
නවතම පුවත්

තෙල් මිල අඩුකරන්න බැරිවෙන්න අපි ගිවිසුම් ගැහුවෙ නෑ – කංචන විජේසේකර

ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන මිලකරණය වෙනත් තරඟකරුවන් හෝ ක්‍රියාකරුවන්ගේ මිල නියම කිරීම සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති බව හිටපු ඇමැති කංචන විජේසේකර පවසයි.

ඛනිජ තෙල් සංස්ථාවේ වත්මන් සභාපතිවරයා කළ ප්‍රකාශයකට ප්‍රතිචාර වශයෙන් X සමාජ මාධ්‍ය වේදිකාවේ සටහනක් තබමින් කංචන විජේසේකර පවසන්නේ ඛනිජ තෙල් සංස්ථාව යනු තවත් ක්‍රියාකරුවකු මිස කර්මාන්තයේ නියාමකයා නොවන බවයි.

පසුගිය ආණ්ඩුව සෙසු ඛනිජ තෙල් බෙදා හරින්නන් සමග ඇතිකරගෙන තිබෙන ගිවිසුම් නිසා ජනතාවට සහන ලබා දීම ගැටලුවක් වී ඇති බව ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා ඊයේ ප්‍රකාශ කර තිබිණි.

හිටපු ඇමැති කංචන විජේසේකර පවසන්නේ ඛනිජ තෙල් සංස්ථාවේ පිරිවැය පිළිබිඹු කිරීම සඳහා මිල සූත්‍රය ක්‍රියාත්මක කළ අතර ඛනිජ තෙල් සංස්ථාවට ඔවුන්ගේ මාසික මිල සූත්‍රයට අනුව අන් අයගෙන් ස්වාධීනව තීරණ ගැනීම් සිදු කළ හැකි බවයි.

ඛනිජ තෙල් සංස්ථාවේ කළමනාකරණය යටතේ පවතින තාක් කල් ඔවුන්ගේ පිරිපහදු ලාභ සහ අලාභ මිල සූත්‍රයේ පිළිබිඹු විය යුතු බව ද ඔහු සඳහන් කරයි.

තම අලෙවියෙන් හෝ මිලකරණයෙන් සිදුවන පාඩුව පියවා ගැනීමට පසුගිය රජය වෙනත් කිසිදු ක්‍රියාකරුවකු සමඟ කිසිදු ගිවිසුමකට එළඹුණේ නැති බව පවසන ඔහු රජය විසින් ඉන්ධන සහනාධාරයක් අනුමත කර පාරිභෝගිකයන්ට ලබා දෙන්නේ නම් ඛනිජ තෙල් සංස්ථාවේ ක්‍රියාකරුවන්ට ඇතුළු සෙසු ක්‍රියාකරුවන්ට භාණ්ඩාගාරයෙන් ඕනෑම වන්දියක් ගෙවීමට රජය බැඳී සිටින බව ඔහු සඳහන් කර තිබේ.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories