නාරාහේන්පිට පෞද්ගලික රෝහලක් ඉදිරිපිට දී අද (17) රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුව තිබෙන බව වාර්තා වේ.
නාදුනන තුවක්කු කරැවන් දෙදෙනෙක් විසින් 9 MM වර්ගයේ ගිණිඅවියකින් ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව මහතාට වෙඩි ප්‍රහාරයක් එල්ලකර ඇත. ඔහු සන්තකයේ තිබූ වටිනා ලිපි ගොණුව පැහැරගන ඇති අතර, ඔහුගේ නීතීඥවරයා වන දිනේෂ් දොඩංගොඩ මහතාට ද තුවාල සිදු කර පලාගොස් ඇති බව වාර්තා වන අතර, මෙම සිදුවීම නාරාහේන්පිට කිංස් රෝහල ආසන්නයේ දී සිදුවී ඇති බව කියවේ.
කෙසේවෙතත්, අහසට වෙඩි තැබීමක් සිදු කර ඇති අතර ඉන් කිසිවෙකුටත් හානියක් සිදුව නැති බව පොලිසිය සඳහන් කළේ ය.