2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 15:47
නවතම පුවත්

තුසිත හල්ලොලුවට ඇප

ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කළ අවධියේ එම ආයතනයෙන් ලබාගත් රුපියල් 470,000 දහසකට අධික වටිනාකමකින් යුත් පරිගණකයක් හා ජංගම දුරකථනයක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් වූ තුසිත හල්ලොලුව මහතා ඇපමත මුදාහරිණ ලෙසත් සැකකරු රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ කොළඹ කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන බවත් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (02) නියම කර තිබේ. නඩුව නැවත මැයි මස 30 වන දා කැඳවීමටද නියම කෙරුණාය. සැකකරු අද අධිකරණයට ඉදිරිපත් වුණේ සිය නීතිඥවරු ඉදිරිපත් කළ මෝසමක් මාර්ගයෙනි.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දක්වූ ඔහුගේ නීතිඥ අජිත් පතිරණ මහතා පැවසුවේ සිටියේ තම සේවාදායකයා 2017 වසරේ සිට 2019 වසර දක්වා කාලය තුළ ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරි අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කළ අතර අධ්‍යක්ෂවරුන්ට ලබා දෙන පරිගණකය හා ජංගම දුරකථනය තම සේවා දායකයාට ද ලැබුණු බවය. පසුව සේවයෙන් ඉවත් වන අවස්ථාවේදී එම පරිගණකය හා ජංගම දුරකථනය වෙනුවෙන් ගෙවිය යුතු ගෙවීම් ලබාදීමට තම සේවා දායකයා ඉදිරිපත් වුණත් එම මුදල ලොතරැයි මණ්ඩලයේ විසින් බාර නොගත් බවත් පැවසු අතර, පසුව තම සේවාදායකයා ඉකුත් ඔක්තෝබර් මස එම ගෙවිය යුතු මුදල් තැපැල් කාර්යාලයෙන් මුදල් ඇනවුමක් මාර්ගයෙන් ගෙවීමට කටයුතු කර ඇති බවත් නීතිඥ පතිරණ මහතා අධිකරණය හමුවේ පැවසුවේය.

මෙහිදී කොටුව පොලිසිය වෙනුවෙන් පෙනී සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක දිලීප පෙරේරා මහතා අධිකරණයේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම සැකකරු විසින් අදාළ මුදල් ගෙවීම සිදුකර තිබෙන්නේ සිද්ධියට අදාළ පැමිණිල්ල ඉදිරිපත් වීමෙන් පසුව බව සඳහන් කළේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය මෙම සැකකරුට ඇප ප්‍රතික්ෂේප කිරීමට තරම් ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් නොවන හෙයින් ඔහු ඇපමත මුදාහරිණ බව නියෝග කළාය.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories