වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ තුන්පිම්ම පිරිමි ඉසව්වේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් රිදී පදක්කමක් ජයග්‍රහණය කිරීමට ජනිත් ලක්ෂාන් සමත්ව තිබේ.
එහිදි ඔහු මීටර් 15.10ක දක්ෂතාවක් දැක්වීමට සමත්ව තිබේ.
එම ඉසව්ව නියෝජනය කළ සසිදු හංසන ජයසිංහට 7 වැනි ස්ථානයට පත්විය.
සෞදි අරාබියාවේ පැවත්වෙන මෙම තරගාවලිය ඊයේ ආරම්භ වූ අතර එය ලබන 18වැනිදා දක්වා පැවැත්වේ.