ඉල්ලීම් 19ක් මුල් කරගෙන දින 7ක් පුරා ක්‍රියාත්මක කළ තැපැල් සේවකයින්ගේ වැඩවර්ජනය ඊයේ (24) සවස 4.00ට අවසන් වූ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ඇමැතිවරයා සඳහන් කළේ, ඇඟිලි සටහන් නීතිය සහ අතිකාල ගෙවීම් පිළිබඳ රජයේ තීරණ හැර අනෙකුත් ඉල්ලීම් 17 සම්බන්ධයෙන් වෘත්තීය සමිතිවල සමග සාකච්ඡා කළ බවයි. එහිදී සේවකයින් වැඩවර්ජනය අවසන් කර අද (25) සිට රැකියාවට යොමුවී ගොඩගැසී තිබූ ලිපි හා පාර්සල් බෙදාහැරීම ආරම්භ කිරීමට එකඟ වූ බවද ඔහු පැවසීය.
ඇමැති ජයතිස්ස මහතා තවදුරටත් කියාසිටියේ, ඉතිරි ඉල්ලීම් 17 අතුරින් කිහිපයකට ද විසඳුම් ලබා දී ඇති අතර සේවා ව්‍යවස්ථාව, නවීකරණය හා වාහන සම්බන්ධ කාරණා ඇතුළු ඉතිරි ඉල්ලීම්වලට අදාළ අමාත්‍යාංශ සමග වැඩිදුර සාකච්ඡා කිරීමට නියමිත බවයි.
මෙම අතර මධ්‍යම තැපැල් හුවමාරුවේ පාලන හා මෙහෙයුම් අංශ තුළ අද (25) සිට ඇඟිලි සටහන් පද්ධතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනු ඇති බවත්, වර්ජනය අසාධාරණ ඉල්ලීම් මත සිදුකර ජනතාවට දැඩි අපහසුතා උද්ගත කළ බවත් ඇමැතිවරයා අවධාරණය කළේය.
තැපැල් වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතාගෙන් අදහස් ලබාගැනීමට උත්සාහ කළද, සම්බන්ධ වීමට නොහැකි විය