2025 අගෝස්තු 15 සිකුරාදා, 01:58
නවතම පුවත්

තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම හෙට සිට

මෙවර පාර්ලිමේන්තු මැතිවරණ ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සළකුණු කිරීමේ කටයුතු හෙට (30) දිනයේ ආරම්භ වීමට නියමිතව තිබේ.

මැතිවරණ කොමිශන් සභාව සඳහන් කළේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කොමිශන් සභාවේ කාර්යාල, පොලිස්පති කාර්යාල ඇතුළු සියලු පොලිස් ස්ථානවල ද හෙට දිනයේ තැපැල් ඡන්ද සළකුණු කිරීම සඳහා අවස්ථාව ලබා දී ඇති බවය. 

හෙට දිනයට අමතරව අදාළ කාර්යාලවල නොවැම්බර් මස 4 වන දින ද තැපැල් ඡන්දය සළකුණු කිරීම සඳහා අවස්ථාව ලබාදී තිබේ.

ඊට අමතරව නොවැම්බර් මස පළමුවන දින සහ නොවැම්බර් මස 4 වන දින ත්‍රිවිධ හමුදා කඳවුරුවල සහ සෙසු සියලුම රාජ්‍ය ආයතනවල තැපැල් ඡන්ද සළකුණු කිරීම සඳහා අවස්ථාව ලබා දි ඇති බව මැතිවරණ කොමිශන් සභාව සදහන් කළේය.

අදාළ දිනවල දී තැපැල් ඡන්දය සළකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද හිමියන්ට තමන්ගේ සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවල දී තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබා දී ඇති අතර මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්ද සළකුණු කිරීමේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා නිලධාරීන් දහසකට ආසන්න සංඛ්‍යාවක් යෙදවීමට බලාපොරොත්තු වන බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේය.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories