පසුගිය ජනාධිපතිවරණයට සාපේක්ෂව මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී අයැදුම් කළ තැපැල් ඡන්ද දායකයින් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසති.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා සඳහන් කළේ, මහ මැතිවරණයේදී තැපැල් ඡන්ද අයදුම්පත් 25,731 ක් අමතරව ලැබී ඇති බවයි.
මෙවර මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වී ඇති මුළු තැපැල් ඡන්ද අයැදුම්පත් සංඛ්‍යාව 738,050ක්.
ඒ අතරින් තැපැල් ඡන්ද අයැදුම්පත් 21,160 ක් ප්‍රතික්ෂේප වී තිබෙනවා.
මේ අතර මුද්‍රණය කර අවසන් කළ තැපැල් ඡන්ද පත්‍රිකා හෙට දිනයේ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරුන් වෙත භාරදීමට නියමිතයි.