2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 06:04
නවතම පුවත්

තැන තැන නාදුනන මළ සිරුරු

දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් හමු වූ නාඳුනන මළ සිරුරු කිහිපයක් සම්බන්ධව පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබේ.

ඊයේ (18) දිනයේ දී මෙම මළ සිරුරු හමු වූ බවද පොලීසිය පවසයි.

මිල්ලනිය පොලිස් වසමේ හල්තොට ඇල ඉවුරේ නාඳුනන මෘත ශරීරයක් ඇති බවට ඊයේ සවස මිල්ලනිය පොලිස් ස්ථානයට ලද පණිවුඩයක් මත විමර්ශනයක් ආරම්භ කර තිබුණි.

මෘත ශරීරයේ ඉන ප්‍රදේශයෙන් ඉහළ කොටස පමණක් ඇති බවට එහි අස්ථි කොටස් පමණක් ඉතිරි ව ඇති බවත් පොලීසියට එහිදී නිරීක්ෂණය වී තිබේ.

මෘත ශරීරය මහෙස්ත්‍රාත් පරීක්ෂණය සඳහා පොලිස් ආරක්ෂාව යටතේ තබා ඇති අතර මිල්ලනිය පොලීසිය සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන පවත්වයි.

මේ අතර ඊයේ දහවල් කාලයේ කිරිඇල්ල පොලිස් වසමේ කුරුගම්මෝදර ප්‍රදේශයේ කළු ගඟේ මෘත ශරීරයක් ඇති බවට කිරිඇල්ල පොලිස් ස්ථානයට පණිවුඩයක් ලැබී තිබේ.

ඒ අනුව සිදුකල විමර්ශනයේදී නිරීක්ෂණය වී ඇත්තේ මෘත ශරීයේ අස්ථි කොටස් පමණක් ඉතිරිව ඇති බවත් හිස කොටස නොමැති බවත්ය.

මියගොස් ඇත්තේ පිරිමි පුද්ගලයෙකු බවද පොලීසිය අනාවරණය කරගෙන තිබේ.

මියගොස් ඇති පුද්ගලයා ලා නිල් පැහැති දිග කලිසමක් හැඳ සිටි අයෙකු බවද පොලීසිය පවසයි.

මෘත ශරීරය රත්නපුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර කිරිඇල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරති.

තවද මඩකලපුව පොලිස් වසමේ සින්න උප්පොඩි කලපුවේ කාන්තා මළ සිරුරක් ඇති බවට මඩකලපුව පොලිස් ස්ථානයට ලද පණිවිවුඩයක් ලැබී තිබේ.

ඒ අනුව සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ මියගොස් ඇත්තේ සිහින් සිරුරකින් හිමි වයස අවුරුදු 60-70ත් අතර කාන්තාවක් බවය.

අවසන් වරට සුදු හා කොළ පැහැති මිශ්‍ර ගවුමකින් සැරසී සිට ඇති බවත් පොලීසිය පවසයි.

මෘත ශරීරයේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති අතර මෘත ශරීරය මේ වන විට මඩකලපුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධව මඩකලපුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරති.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories